Press "Enter" to skip to content

ඇඳිරිනීතිය අතරේ පැවැත්වුණ මංගල්‍යයට තමන්ගේ නම භාවිතා කිරීම ගැන ඇමති රාඩක්‍රිෂ්ණන්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාදක්‍රිෂ්ණන්ගේ පුතාගේ විවාහ මංගල්‍යය අද කොළඹ තරු පහේ හෝටලයකදී සිදු වූ බව සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කිහිප දෙනෙකු විසින් පළ කර තිබුණා.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාඩක්‍රිෂ්ණන්ගේ පුත් තිවහරන් රාඩක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ අද පැවති විවාහ මංගල්‍යයට තම පවුලට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

තමන් සහ තම පවුල සම්බන්ධ කරමින් කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක පැවති විවාහ උත්සවයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පලවූ ප්‍රචාරණයන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය වි.රාධාක්‍රිෂ්ණන් පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනු කළ බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහාන මහතා කියා සිටියේ ඇඳිරි නීතිය යටතේ කොළඹ රාමාඩා හෝටලයේ පැවති විවාහ උත්සවයක් පොලීසිය විසින් නතර කර ඇති බවයි.

විවාහ උත්සවය සඳහා අමුත්තන් 35 කට ආසන්න පිරිසක් එක්රැස් වූ බව වාර්තා වුණා.

බටහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදීත් විවාහ මංගල්‍යය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය පනවා තිබියදී විවාහ මංගල්‍ය හා අවමංගල්‍ය කටයුතු ඇතුළු සියලුම පොදු කටයුතු තහනම් කර ඇති බව රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

එම සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ Facebook ගිණුමේ පලකළ සටහන පහතින්…

More from | POLITICALMore posts in | POLITICAL »