Press "Enter" to skip to content

කොවිඩ් වසංගතය නිසා ලස්සන වුණ තැන්

කොවිඩ් වසංගත තත්වය පැමිණීමත් සමඟ ලෝකයේ අපිරිසිදු ස්ථාන කිහිපයක් සුන්දර ලෙස බැලීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ අපිරිසිදු ස්ථාන හැම දෙයක්ම සොබාදහම විසින් ආයෙමත් සුන්දර ලෙස දකින්නට සලස්වලා. අන්න ඒ වගේ තැන් කිහිපයක් තමයි මේ.

නුනාවුත් ජාතික වනෝද්‍යානය

කන්දකුත් නොවන ග්ලැසියරයකුත් නොවන නිම්නයක් සමඟින් පිහිටා තිබෙන මේ සොබාදහමේ අපූර්ව නිර්මාණය ඉතාමත් සුන්දරයි. කැනඩාවෙන් නුනාවුත් ජාතික වනෝද්‍යානය තමයි මේ විදිහට සුන්දරව පිහිටලා තිබෙන්නේ. සීතල හිම පමණක් නෙමෙයි කඳු මුදුන්, ගැඹුරු නිම්න රාශියක් මෙහි දැකගන්න පුළුවන්. කඳු නගින්නන් ගිම්හානයේ දී මේ ස්ථානය දකින්නට ගමන් කරනවා.කලාප තුනකින් පිහිටලා තිබෙන මේ ජාතික වනෝද්‍යානය දඩයම් කිරීමට මාලු බෑම වැනි කටයුතු සඳහා මිනිසුන් එක්රැස් වන ස්ථානයක්.

වියෙට්නාමයේ සැන් ගුහාව

ලෝකයේ පිහිටලා තිබෙන විශාලතම ස්වභාවික ගුහාවන් වලින් එකක් තමයි වියට්නාමය පිහිටලා තිබෙන සැන් ගුහාව කියන්නේ. 1990 දී දේශීය මිනිසකු විසින් තමයි මේ ගුහාව හොයාගෙන තිබෙන්නේ. ඉන් පස්සේ 2009 වසරේදී මේ ගුහාව නිල වශයෙන් ගවේෂණය කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ තවත් විස්තර සොයා ගෙන තිබෙනවා. මේ හරහා ගමන් කරන ජල කඳ නිව්යෝර්ක් අහස තරමටම ළඟින් පෙනෙන බවයි ඔවුන් පවසන්නේ.

නැමීබ් කාන්තාරය

අප්‍රිකාවේ දකුණු ප්‍රදේශයේ වෙරළබඩ කාන්තාරයක් වන මේ නැමීබ් කාන්තාරය පිළිස්සූ තැඹිලි රන්වන් වැලි සදහා සඳහා ප්‍රසිද්ධ කාන්තාරයක්. පර්යේෂකයන් පවසන අන්දමට වසර මිලියන 55 ක් පමණ කාලයක් මෙම කාන්තාරය වියළි බවට පත්වෙලා තිබෙනවා. නැමිබියාව සහ දකුණු අප්‍රිකාව ඔස්සේ සැතපුම් 1200 ට වඩා මේ කාන්තාරය විහිදිලා තිබෙනවා. මෙහි ඉහළම ස්ථානය අඩි 980 ක් උසින් සහ සැතපුම් විස්සක් දිගට විහිදිලා තිබෙනවා. එපමනක් නොවේ නොවෙයි උසුලා ගත නොහැකි තරමේ සීතල සුළඟ මේ ප්‍රදේශයේ තිබෙනවා.

භූතානය

රාජ්‍යයක් ලෙස සැලකුවත්, මෙම කුඩා සංචාරක රාජ්‍යය හිමාලයට ආසන්නේ පිහිටා තිබෙනවා. ගංගා, නිල් හිම කඳු මුදුන් සහ ග්ලැසියර් සමඟින් වනාන්තර සහිත කඳු බෑවුම් ද භූතානයේ පිහිටා තිබෙනවා.

රොක් දූපත්

හුණුගල් වලින් සමන්විත දූපත් 445 කින් සමන්විත වුන මේ ස්ථානය අද්විතීය හැඩතල පෙන්වනවා. ඒ වගේම කොරල්පරවලින් වැට වෙලා තිබෙන නිසා මෝරුන් විශාල ප්‍රමාණයක් සමගින් ශාක පක්ෂයෙන් සහ වනජීවීන්ගේ වන ජීවීන් ගෙන් සමන්විත විශාල ජීව විවිධත්වය මේ දූපත්වල පෙන්නුම් කරනවා.නමුත් කොතරම් සුන්දර පරිසරයක් වුණත් ක්‍රිස්තු පූර්ව 3100 සිටම මේ දූපත් මිනිස් වාසයෙන් තොර යි.

ඇන්ටාටිකාව

ඇන්ටාටිකාව කියනකොට සීතල දේශගුණයක් තිබුනත් මේ ප්‍රදේශයේ නැරඹීමට යන පිරිසගේ අඩුවක් නම් නැහැ.

ෆයර්ලන්ඩ්

නවසීලන්තය වඩාත් සිත් ඇදගන්නා සුළු ප්‍රදේශයක තමයි ෆයර්ලන්ඩ් පිහිටා තිබෙන්නේ. එම ප්‍රදේශයේ තිබෙන ධාවන පථය ඇවිදීම සඳහා ඉතාමත් ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වාගේම එම රටේ උසම දියඇල්ල සහ දර්ශනීය ග්ලැසියරත් කැටයම් කළ නිර්මාණ දර්ශන වලින් ද මේ ප්‍රදේශය සමන්විත වෙලා තිබෙනවා.

ඉතින් වසංගතය අපිට ලෙඩ රෝග ගෙනාව වගේම පරිසරයට නිදහසේ හුස්ම ගන්න අළුත් අවස්ථාවක් ලබා දෙන තිබෙනවා.

(colombotimes.lk)

More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »