Press "Enter" to skip to content

බ්‍රිතාන්‍යයන්ට වැරදි උපදෙස් ලබාදුන් Google

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ තුළ විවිධ උපදෙස් ලබා දීම් සිදු කරනවා. මේ අතරින් google මාධ්‍ය ජාලයට හිමි වන්නේ ප්‍රධාන තැනක්. ඒ විතරක් නෙමෙයි ගූගල් හි ලබාදෙන ඕනෑම දෙයක් විස්වාස කරන්න අපි දෙපාරක් හිතන්නේ නැහැ. නමුත් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන ආකාරයට ගූගල් විසින් වැරදි උපදෙස් ලබා දෙන බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ කියන්න යන්නෙ අන්න ඒ ගැන.

The NHS app for iOS and Android asks users to log whether or not they symptoms and uses Bluetooth to keep track of other phones it has come into contact with

ගූගල් හි කොවිඩ්-19 පොදු ප්‍රශ්න විශේෂාංගය හරහා බ්‍රිතාන්‍යයන් වෙත වැරදි උපදෙස් ලබා දුන් බවට චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ස්වයං හුදෙකලා වීම ගැන විමසීම් සිදු කරන විට ගූගල් හරහා වැරදි පිළිතුරු පෙන්වන බව තමයි පර්යේෂකයින් පවසන්නෙ. ඉතින් එක්සත් රාජධානියේ ඉල්ලීමකට අනුව මේ වන විට ගූගල් සමාගම මේ පිළිබඳව ඇතිවී තිබෙන ගැටලුව විසඳන බවයි සඳහන් වෙලා තිබෙන්නේ.

ගූගල් සමාගමේ පරිශීලකයින්ගේ ප්‍රශ්න වලට සරල පිළිතුරු ලබාදීමට උත්සාහ කරන මේ පොදු ප්‍රශ්න යටතේ විවිධ භයානක තත්ත්වයන් ඇතිවිය හැකි නිසා බොහෝ වෙබ් අඩවි වලින් ගූගල් අවලංගු කරලා තිබෙනවා.

ගූගල් හි පොදු ප්‍රශ්න විශේෂාංග කියන්නේ වෙබ් අඩවි වෙතට ගමන් කිරීම වෙනුවට පරිශීලකයින් විසින් සෙවුම් යන්ත්‍රයේ ස්වයංක්‍රීයව ප්‍රශ්න ලබා දෙන කොටසකින් එකක්. එවිට අදාළ ප්‍රශ්නය ටයිප් කිරීමකින් තොරව අපට සොයා ගැනීමට හැකියි. නමුත් මෙම පවතින තත්වය යටතේ ඒ සම්බන්දව විශ්වාස කිරීමට නොහැකි බවයි පෙනී යන්නේ.

ඒ වගේම තමයි මේ ගූගල් සෙවුම පොදු ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන ගූගල් සමාගම විසින්මයි. ඒ නිසා රාජ්‍ය තොරතුරු වෙත කෙලින්ම ප්‍රවේශ විය හැකි ක්‍රමයක් ලෙස ගූගල් භාවිතා කරන්න පුළුවන්. වසංගත තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු ලබා ගැනීමට සහ සහාය ලබා ගැනීමට මිනිසුන්ට සහ ව්‍යාපාරවලට උදව් කිරීමේදී ඔවුන් විසින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා.ඔවුන් සහතික කරන අන්දමට කොවිඩ්-19 යේ අන්තර්ගතය සහ සේවාවන් නිරන්තරයෙන් යාවත්කාලීනව තබාගැනීමටත් රජයේ නවතම ප්‍රතිපත්ති දැන්වීමටත් ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

කොවිඩ්-19 ට අදාළ වාර්තාවන් නෙගෙටිව් වුවහොත් තමා ස්වයං හුදකලා වීම අවශ්‍ය ද යන්න විමසන විටදී එසේ අවශ්‍ය නැති බවට බව ද ගූගල් විසින් පිළිතුරු ලබාදී තිබෙනවා. නමුත් සැබෑවටම තමා නෙගෙටිව් වුවත්, පොසිටිව් වුවත් ස්වයං හුදකලා වීම අත්‍යවශ්‍යයි. ඉතින් මේ වැරදි තොරතුරු ලබාදීම හේතුවෙන් වසංගතය පාලනය කළ නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

ඒ කොහොම වුණත් මේ අංග තුළ තිබෙන අනෙක් ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරු සියල්ලම වැරදි නොවන බවයි සඳහන් වෙන්නේ. ඉතින් කොවිඩ්-19 පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා රජයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීම වඩාත් සුදුසු බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

කෙසේ වුණත් ගූගල් සමාගම මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය සමගින් වෛරස වෙනුවෙන් කැපවී වැඩ කර තිබෙනවා. ගූගල් හරහා ආරක්ෂිත ඉඟි සහ ලෝක සෞඛ්‍යය සෞඛ්‍යය සංවිධානයේ ට්විටර් යාවත්කාලීන කිරීම වගේම වෛරසය පැතිරීම සහ ආරක්ෂිතව සිටින්නේ කෙසේද යන්න ඇතුළුව සියලුම තොරතුරු ලබා දීලා තිබෙනවා.

එසේ වුනත් වුනත් වසංගතයේ මුල් අවධියේ දී නම් ගූගල් සමාගමට අයත්ව තිබූ යූටියුබ්, ඖෂධ පැළෑටි, භාවනා, සංගීතය සහ කොරෝනා වෛරසය සුවකිරීමේ ප්‍රවර්ධන වීඩියෝ වලින් මුදල් උපයා ගෙන තිබෙන බවට චෝදනා එල්ල වුණා. එයත් ගූගල් සමාගමේ කීර්ති නාමයට කැළලක් වී තිබෙනවා. ඒ වගේම බීබීසි විමර්ශනයකින් පසු මැයි මාසයේ දී අනාවරණය වුණේ විශාල වශයෙන් උද්ධමන මුදල් අය කරන වීසා බලපත්‍ර අයදුම් කිරීම වැනි දේවල් සඳහා ගූගල් විසින් දැන්වීම් පළ කර ඇති බවයි.

රජයේ වෙබ් අඩවියක නොමිලේ කළ හැකි දේවල් මුදල් ලබා ගනිමින් සිදු කිරීමට ගූගල් සමාගම පෙළඹිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි සමහර සමාගම් වල නිල වෙබ් අඩවි මගින් අය කරන මුදල මෙන් පස් ගුණයකට වඩා අය කරන්නත් ගූගල් සමාගම ක්‍රියා කරලා තිබෙනවා. රජයේ ලේඛන විකුණනු ලබන නිල නොවන සේවා සඳහා දැන්වීම් පළ කිරීමත් ගූගල් නීති වලට පටහැනියි.

මේ සිදුවීම් සමඟින් සාමාන්‍ය ජනතාව ගූගල් කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳ වැටෙනවා නම් නිසැකයි. ඉතින් ලෝකය පුරා බොහෝ දෙනෙක් භාවිතා කරන ගූගල් ඉදිරියේදී මොනවගේ ඉරණමකට ලක් වේවි ද? (colombotimes.lk)

More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *