Press "Enter" to skip to content

බාබි බෝනික්කන් විසින් ගැහැණු ළමුන්ගේ සිරුරට කරන දේ ගැන නවතම පර්යේෂණයකින් හෙළි වූ දේ

සිහින් බෝනික්කන් ලෙස හඳුන්වන බාර්බි බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමෙන් සිහින් සිරුරක් සහිතව වයස අවුරුදු පහකින් අඩු පෙනුමක් ලබා ගත හැකි බව නවතම අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

ඇමරිකානු සෙල්ලම් බඩු නිපදවීමේ දැවැන්තයෙකු වන මැටෙල් විසින් සාදන ලද අතිශය සිහින් බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමෙන් ගැහැණු ළමයින්ගේ පරිපූර්ණ ශරීර ප්‍රමාණය අඩු කළ හැකි බවයි පර්යේෂකයෝ පවසන්නේ.

චිත්‍රපටවල, රූපවාහිනියේ සහ සමාජ මාධ්‍යවල ‘සිහින්’ යන සංකල්පය මුලික කර ගනිමින් විවිධ දේ පෙන්වීමත් සමඟ තරුණ ගැහැණු ළමයින්ගේ ශරීර අසතුටට පත්වෙනවා වගේම ආහාර ගැනීමේ අක්‍රමිකතා ද වර්ධනය වීමට බලපාන සාධකයක් බව එහිදී පෙන්වා දී තිබෙනවා.

කෘත්‍රිම ශරීර වර්ගවලට ඇබ්බැහි වීමෙන් කුඩා දැරියන් ඛේදජනක ලෙස තරුණ වියේදී ආහාර ගැනීමේ අක්‍රමිකතාවලට යොමුවන බව එම අධ්‍යයනය පෙන්වා දෙනවා.

මේ වන විට බහුලව වෙළඳපොළේ පවතින්නේ අතිශය සිහින් වු අඩු බරකින් යුතු බෝනික්කන්.

2016 දී නිකුත් කරන ලද වක්‍ර හැඩයෙන් යුතු බාර්බි බෝනික්කන්ගේ ඉණ උකුල් ප්‍රමාණය පවා බොහෝ අඩුව නිපදවා ඇති බවයි පර්යේෂකයෝ පැවසුවේ.

අධ්‍යයනයේ දී භාවිතා කරන ලද ජීවමාන ළමා හැඩැති බෝනික්කන් නිරෝගී වයස අවුරුදු හතත් නවයත් අතර දරුවන්ට සමාන නිසා ළමයින් සඳහා වඩා හොඳ නිර්දේශයක් වනවා.

එක්සත් ජනපදය හා යුරෝපය පුරා බෝනික්කන් ඉතා ජනප්‍රිය සෙල්ලම් බඩුවක්. 2020 එක්සත් ජනපද විකුණුම් සංඛ්‍යාලේඛන වල ‘බෝනික්කන්’ කාණ්ඩයේ 22 %ක වර්ධනයක් පෙන්නුම් කළ අතර බහුජාතික සෙල්ලම් සමාගමක් වන මැටෙල් බාර්බි දළ විකුණුම් වලින් 29%ක වර්ධනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා.

ඩර්හැම් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධාන අධ්‍යයන කතුවරයා වන මහාචාර්ය ලින්ඩා බූට්‍රොයිඩ් පැවසුවේ “ශරීර අසතුටුදායක බව විශේෂයෙන් තරුණ ගැහැණු ළමයින් අතර විශාල ගැටලුවක්” බවයි.

එය ගැහැණු ළමයින්ගේ යහපැවැත්මට බරපතල හානි ගෙන දෙන අතර ආහාර ගැනීමේ අක්‍රමිකතා සහ මානසික අවපීඩනයට ද හේතු වෙනවා.

මෙම අධ්‍යයනය සඳහා පර්යේෂකයන් වයස අවුරුදු 5 සිට 9 දක්වා වූ ගැහැනු ළමයින් 31 දෙනෙක් යොදාගෙන තිබෙනවා.

ළමුන් 15 දෙනෙකුට සෙල්ලම් කිරීම සඳහා ‘අතිශය තුනී’ බෝනික්කන් ලබා දුන් අතර 16 දෙනෙක්ට ‘ ජීවමාන ළමා හැඩැති’ බෝනික්කන් ලබා දී තිබෙනවා.

අතිශය සිහින් බෝනික්කන් වූයේ බාර්බි සහ මොන්ස්ටර් හයි – එක්සත් ජනපදයේ ෆ්‍රැන්චයිස් එකක් වන අතර මැටෙල් විසින් නිර්මාණය කරන ලද්දේ ත්‍රාසජනක හා විද්‍යා ප්‍රබන්ධවල ආභාෂය ගත් බෝනික්කන්.

අධ්‍යයනයේ දී, ගැහැණු ළමයින් බෝනික්කන් සමඟ යුගල වශයෙන් සෙල්ලම් කළ අතර ඉන් පසු බෝනික්කන්ගේ සැබෑ ශරීර ප්‍රමාණය, පරිපූර්ණ ශරීර ප්‍රමාණය සහ වැඩිහිටි ශරීර ප්‍රමාණය ගැන ඔවුන්ගෙන් විමසා තිබෙනවා.

අතිශය සිහින් බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමෙන් ගැහැණු ළමයින්ගේ පරිපූර්ණ ශරීර ප්‍රමාණය අඩු වූ බව පර්යේෂකයෝ එහිදී සොයා ගෙන තිබෙනවා.

මෙම අධ්‍යයනයට සහභාගී වූ ගැහැනු ළමයින්ගෙන් 80%කටම නිවසේදී හෝ ඔවුන්ගේ මිතුරන් සමඟ අතිශය සිහින් බෝනික්කන් ලබා ගත හැකි වූ අතර ඔවුන් සියල්ලන්ම පාහේ ඩිස්නි සහ ඒ ආශ්‍රිත චිත්‍රපට නැරඹූවා.

බෝනික්කන් නිෂ්පාදකයින්ගෙන් ස්වාධීනව සිදු කරන ලද මෙම අධ්‍යයනය බොඩි ඉමේජ් සඟරාවේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බාර්බි සහ මොන්ස්ටර් හයි හි නිෂ්පාදකයා වන මැටෙල් පෙන්වා දුන්නේ, බාර්බි යනු වෙළඳපොලේ ඇති වඩාත්ම විවිධාකාර බෝනික්කන් වර්ගය බවයි.

සමාගම විසින් පසුගිය වසර කිහිපය තුළ මහජනතාවගේ ඇමතුම් වලින් පසුව පුළුල් පරාසයක බාර්බි මෝස්තර එළිදක්වා තිබෙනවා. (Colombo Times)

Daily Mail ඇසුරින්

More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »