Press "Enter" to skip to content

රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය

කොරෝනා වෛරසය ආසාදනය වී මේ වන විට රෝහල් ගතව සිටින රෝගීන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් ඉක්මනින් නිවෙස් වෙත පිටත් කර හැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අදාළ චක‍්‍රලේඛය ඊයේ දිනය තුළ අදාළ ආයතන වෙත නිකුත් කිරීමට පියවර ගත් බවයි.

තවද, ඊයේ පස්වරුව වන විට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් 6000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවා.

This image has an empty alt attribute; its file name is CARD.gif
This image has an empty alt attribute; its file name is VIBER-BANNER.gif
More from | LOCALMore posts in | LOCAL »