Press "Enter" to skip to content

ලෝකය පුරා කතාබහට ලක්වුණ “සුළගෙන් ගැබ් ගැනීම” ඇත්ත නැත්ත මෙන්න

පසුගිය සතියේ ලෝකය පුරා කතාබහට ලක්වුණ ( විහිළුවට ලක් වුණ ) ආන්දෝලනාත්මක දරු ප්‍රසුතියක් සිදුවුණා.

ඒ තමයි “සුළගෙන් ගැබ් ගැනීම”

Sity Zinha නැමති මුස්ලිම් ජාතික තරුණියක් ගර්භණිබාවයක් නොමැතිව සිටියදි හදිසියේ දරුවෙක් බිහිකළා.

ඇය පවසන අන්දමට යාඥාවෙ යෙදි සිටින අවස්‍ථාවෙ එක්වරම තද සුළඟක් පැමිණ තිබෙනවා. එයින් විනාඩි 15 ට පසු ඇය දරුවෙක් ප්‍රසුත කළා. ප්‍රසුතිය දක්වාම ඇය ගැබ් ගෙන සිටිබවවත් ඇය දැන සිටියේ නෑ.

එමෙන්ම ඇය තවත් එක් දරුවෙක් සිටින මාස 12 ට පෙර සිය සැමියාගෙන් දික්කසාදය ලබාගත් කාන්තාවක්. ඇය පවසන අන්දමට අවසන් වරට සැමියා සමඟ ලිංගික සබඳතාවයක යෙදි ඇත්තෙ මාස 12 ට පෙර. ඉන් පසු කිසිම පිරිමියෙක් සමඟ ලිංගිකව එකතු වී නොමැති බව ඇය පුන පුනා පවසනවා.

ඒ නිසාම මේ දරුවා දෙවියන්ගෙ තෑග්ගක් බව සිටී සින්හා මාධ්‍යයට ප්‍රකාශ කළා.

බැලු බැල්මට මේක හෙන විහිළුවක් බව ඔබ කියාවි. ඔබ විතරක් නෙමෙයි මුළු ලෝකයම කියනවා.

“සුළගෙන් ළමයි ලැබෙනවද? දෙයියන්ගෙන් ළමයි ලැබෙනවද? මොන මිත්‍යාදෘශ්ටික කතාවක්ද මේ?”

ඔව් සුළගෙන් හෝ දෙවියන්ගෙන් කාන්තාවක් ගැබ් ගන්නෙ නෑ… ඒක සහතික ඇත්තක්…

නමුත් අනපේක්ශිත ලෙස දරු ප්‍රසුතියක් කාන්තාවකට සිදු වෙන්න පුළුවන්. ප්‍රසුතිය දක්වාම ගර්භනී බව නොදැන සිටින කාන්තාවකට දරුවන් ලැබෙන්න පුලුවන් බව වෛද්‍ය විද්‍යාත්මක කාරණයක්.

අපි ඒකට කියනවා Cryptic Pregnancy එහෙම නැත්නම් ගුප්ත ගැබ් ගැනීමක් කියලා.

එහෙම වෙන්න පුළුවන්ද ?
උත්තරය “ඔව්”

Cryptic Pregnancy එහෙම නැත්නම් ගුප්ත ගැබ් ගැනීම කියන්නෙ මව විසින් නොදැනුවත් ගැබ් ගැනීමකට දෙන නමක්.

ඒ කියන්නෙ, දරුවෙකු ප්‍රසූත කරන දිනය දක්වා කාන්තාවක් ඇගේ ගර්භණීභාවය ගැන මුළුමනින්ම නොදැන සිටීමයි .

එය බියජනකද? විශ්වාස කළ නොහැකිද?

ඔබ ගැබ්ගෙන ඇති බව පවා නොදැන සිටියදි ඔබ විසින් මේ දැන් දරුවෙක් ප්‍රසුත කරන්න පුලුවන්.

ලෝකය් පුරා සිද්ධ වෙන ගැබ් ගැනීම් 475 කට 1 ගැබ්ගැනීමක් මෙසේ ගුප්ත ගැබ් ගැනීමක් වියහැකි බව අධ්‍යනයකින් හෙළිවෙලා තියෙනවා. ඒ කියන්නෙ මේක අතිශයින් දුලභ තත්වයකුත් නෙමේ.

Cryptic Pregnancy යනු කුමක්ද?

සරලවම කිවොත් දරු ප්‍රසූතිය තෙක් ගර්භණීභාවය හඳුනා නොගන්නා තත්වයක්.

මෙම සිද්ධීන්ගෙන් සමහරක් විවිධ වෛද්‍ය ක්‍රම මගින් පිළිසිඳ නොගන්නා බව ( මඳසරු) පැවසූ කාන්තාවන් අතරින් වාර්තා වෙනවා.

සමහරවිට ප්‍රසුතිය සිදුවෙන්න ආසන්න කාලයේ උපත්පාලන ක්‍රම පවා අනුගමනය කරපු කාන්තාවන් එහෙමත් නැත්නම් බොහෝ විට මේ කුලකයේ කාන්තාවන් වාර්තාවෙන්නෙ.

“කිසිම ලෙසකින් ගර්භනී භාවයක් අපේක්ෂා නොකල අය අතරින්” Cryptic Pregnancy එකක් උන කාන්තාවන්ට අඩුම ගානේ Morning Sickness , වමනය ඔක්කාරය තෙහෙට්ටුව වගේ පොදු ගර්භනී ලක්ෂණවත් ඇතිවන්නෙ නෑ.

තවත් අයට මේ ලක්ෂණ ඇතිවන්නෙ නොසලකා හැරිය හැකි තරම් සුළු ප්‍රමාණ වලින්.

ඔවුන් කිසි ලෙසකින්වත් අදාල අවස්ථාවෙ ගර්භනීභාවයක් අපේක්ශා නොකරන නිසාම මේ සුළු සුළු ගර්භනී ලක්ශණ බඩේ අජීර්ණ තත්වයක් කියාත් නොසලකා හරින්න වැඩි ඉඩක් තියෙනවා.

Cryptic Pregnancy එකක ලක්ෂණ මොනවාද?

  • ගුප්ත ගැබ්ගැනීමේ සලකුණු සාමාන්‍ය ගැබ් ගැනීමක් මෙන් සාමාන්‍ය වෙන්නෙ නෑ.negative results in urine and blood pregnancy tests negative results in ultrasound scans ( බොහෝ අවස්ථා වල)
  • මුළු ගර්භනී කාලය පුරාම මාසිකව රුධිර වහනයක් සිදු වුවද දින ගණන සාමාන්‍ය කාලයට වඩා අඩක් වනු ඇත. සමහර විට ගර්භණී සමයේදී පැල්ලම් සහ ලේ ගැලීම් සිදු වන අතර මෙය කාලාන්තරයක් තිස්සේ ඔසප් වීම ලෙස වරදවා වටහා ගත හැකියි.
  • පොදු ගර්භනී ලක්ශණ වන ඔක්කාරය , වමනය තෙහෙට්ටුව ආදි ලක්ශණ නොපැවතීම හෝ එව්වා ඉතා නොසැලකිය හැකි තරම් අවම තත්වයක තිබීම
  • ගර්භනී උදරයක් ඉදිරියට නෙරා නොඒම හෝ සුළු වශයෙන් පමණක් ඉදිරියට නෙරා ඒම( බොහෝ විට මෙවැනි ගැබ් ගැනිම් වලදි දරු ගැබ ස්ථාන ගතවන්නෙ ගර්භාශය මදක් කොඳු ඇටපෙලට නැඹුරුවයි)
  • අසාමාන්‍ය ස්ථානගතවීම නිසා දරුවා කුස තුල සිදුකරන චලන ආමාශ වාතයෙ තෙරපීමක් ලෙස සලකා නොසලකා හැරිම

Cryptic Pregnancy එකකට හේතුව කුමක්ද?

  • ගුප්ත ගැබ් ගැනීමක් පිටුපස හේතු ගණනාවක් තිබේ, සමහර ඒවා හෝමෝන හා වෙනත් මනෝවිද්‍යාත්මකයි.ගුප්ත ගැබ් ගැනීම සඳහා වැදගත්ම හේතුව වන්නේ කාන්තාවන්ගේ හෝමෝන අසමතුලිතතාවයයි.
  • Polycystic ovarian syndrome (PCOS):
    ඩිම්බකෝෂයේ ඇති කුඩා ගෙඩි පිළිකා සහ හානිකර නොවන නමුත් කාන්තාව තුළ හෝමෝන අසමතුලිතතාවයක් ඇති කරන්න පුලුවන්.
  • Recently Pregnancy-
    එක් දරුප්‍රසුතියකින් සුළු කාල සීමාවක් තුල තවත් ගැබ්ගැනිමක් අනපේක්ශිතව සිදුවීම නිසාත් හෝමෝන අසමතුලිත වෙන්න පුලුවන්
  • Perimenopause:
    ඔබේ ශරීරය ස්වාභාවිකවම ඔසප් වීම සඳහා සංක්‍රමණය වන කාලය, ප්‍රජනක වර්ෂවල අවසානය සනිටුහන් කරයි. . සමහරෙක්ට වයස 30 ගණන් වලදි ඔසප් වීම අවසාන වෙන්න පුලුවන්..එයත් හෝමෝන අසමතුලිත බවට හේතුවක්.
  • Low Body Fat:
    අඩු ශරීර මේදයක් ඇති කාන්තාවන්ගෙත් හෝර්මෝන අසමතුලිත වෙන්න පුලුවන්.. ( උදාහරණයකට මලල ක්‍රීඩිකාවන්ගෙ)
  • Lactating mothers: තවමත් කිරි දෙන මවක් හදිසියේ ගැබ් ගත්විටත් හෝර්මෝන අසමතුලිත විය හැකියි
    උපත් පාලන ක්‍රියාමාර්ග: මෑතකදී (ගර්භණී සමයේදී) හෝමෝන අඛණ්ඩව රුධිර ප්‍රවාහයට මුදා හරින උපත් පාලන ක්‍රම භාවිතා කළ කාන්තාවන්ට ගුප්ත ගැබ් ගැනීමක් සිදුවිය හැකිය

Cryptic Pregnancy එකකදි Pregnancy Test Results Negative ලෙස පෙන්නන්නෙ ඇයි?

HCG (Human chorionic gonadotropin) කියන්නෙ ගර්භණී පරීක්ෂණය ධනාත්මක බවට හරවන ගර්භණී හෝමෝනයයි. සාමාන්‍ය ගර්භනී අවධියේදී, වැදෑමහ HCG ස්‍රාවය කරන අතර ඒක ගර්භාෂ බිත්තියේ පෙණහලුවලට ගමන් කරයි. එහිදී එය ක්‍රමයෙන් ප්‍රමාණවත් තරම් ප්‍රමාණයක් ගොඩනඟා මවගේ මුත්‍රා හා රුධිරයට මුදා හරින අතර එමඟින් ගර්භණී පරීක්ෂණය positive වෙනවා. නමුත්, Cryptic Pregnancy එකකදි මවගේ පරුධිරයේ හෝ මුත්‍රා වල මෙම හෝමෝන මට්ටම නොසැලකිය යුතු තරම් වන අතර එමඟින් ගර්භණී පරීක්ෂණය අසමත් වෙනවා.

බොහෝ විට HCG ස්‍රාවයේ මට්ටම සහ මවගේ රුධිරයට හෝ මුත්‍රා වලට මුදා හැරීම තවදුරටත් මර්දනය කරයි
මුල් අවස්ථාවෙ ගර්භණී පරීක්ෂණයක් 100% ක් නිවැරදි නැහැ, එබැවින් ගැබ් ගැනීමක් අපේක්ෂා නොකළහොත් කාන්තාවක් නැවත පරීක්ෂණයට භාජනය නොවීමට අවස්ථාවකුත් තියෙනවා.

මේ සියළුම හේතු නිසා Cryptic Pregnancy එකකදි Pregnancy Test Results Negative වෙනවා. HCG හෝමනය වමනය සහ ඔක්කාරය ඇති කිරීමටත් හේතුවක් වෙන නිසා මෙම හෝර්මනයෙ අඩු මට්‍ටමක තිබුනොත් පුර්ව ප්‍රසව ලක්ශණත් ඉතාමත් අඩු වෙනවා.

Cryptic Pregnancy එකක් අල්ට්රා සවුන්ඩ් එකකින් හඳුනාගත නොහැකිද?

අල්ට්රා සවුන්ඩ් ස්කෑන් එකකින් ගැබ් ගැනීමක් තිබේ නම් එය හඳුනාගත යුතු වුවද, මේ අසාමාන්‍ය ගර්භණී සමයේදී අල්ට්රා සවුන්ඩ් වල සමහර results negative වෙන්න පුලුවන්
පහත සඳහන් අසාමාන්‍යතා හේතුවෙන් හා lab technician ගර්භණීභාවයක් හඳුනා ගැනීමට එතරම් අත්දැකීම් නොමැති නම් මෙය සිදුවිය හැකියි.
* නැඹුරු ගර්භාෂය (Tilted uterus)
සාමාන්‍යයෙන් ගර්භාෂය සිරස් අතට නෙරනවා. කෙසේ වෙතත්, සමහර කාන්තාවන්ගෙ ගර්භාශය ශ්‍රෝණිය පිටුපස දෙසට නැඹුරු වෙනවා . මෙම පිහිටීම නිසා අල්ට්රා සවුන්ඩ් අතරතුරදී කලලරූපය දැකීමට අපහසු වෙනවා.
* ද්විමය ගර්භාෂය (Bicornuate uterus)
සාමාන්‍යයෙන් ගර්භාෂය pear shape එකකින්යුක්ත වේ. ගර්භාෂය තුළ බෙදීම (අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්) ගර්භාෂය තුළ බිත්තියක් තියෙනවා. මෙම හැඩයෙන් යුත් ගර්භාෂයේ ගැබ් ගැනීමක් හඳුනාගත හැක්කේ පරෙස්සම් සහ පළපුරුදු සොනොග්‍රැෆර්වරුන්ට පමණයි.

* අසාමාන්‍ය කැළැල් පටක: හේතු කිහිපයක් නිසා ගර්භාෂය තුළ අසාමාන්‍ය කැළැල් පටක සෑදිය හැකිය. හේතු කිහිපයක්:
• Abdominal Surgeries
• C-sections
• Tummy tucks
මෙම කැළැල් පටක ගැබ් ගැනීමක් හඳුනා ගැනීම සඳහා හොඳින් නිරීක්ෂණය කිරීම අවශ්‍ය වනවා.

සිටි සින්හාගෙ කතාවෙදිත් ඇය කියනවා අවසන් වරට ලිංගික සබඳතාවක් පැවත්වූයේ මාස 12 ට පෙර බව.

මාස 12 ට පෙර පැවත්වු සබඳතාක් නිසා ඇය මාස 12 ට පසු දරු ප්‍රසුතියක් කරන්න පුලුවන්ද?

ඔව් පුලුවන්
Cryptic Pregnancy එකක ගර්භනී සමය මාස 15 පමණ දක්වා දිගු වෙන්නත් පුලුවන්

Cryptic Pregnancy එකක ගර්භනී කාලය සාමාන්‍ය ගර්භනී කාලයට වඩා දිගු කාලයක් පවතින්නේ ඇයි?

මෙයට හේතුව සාමාන්‍ය ගර්භනී අවධියේදී මෙන් HCG කිසි විටෙකත් මාතෘ පද්ධතියට නොපැමිණෙන හෙයින්, දරුවාගේ වර්ධනයට වැදගත් වන සංගටක ජනනය කිරීමට මාතෘ ශරීරයට නොහැකි වන නිසා. මේ අනුව, ගුප්ත ගර්භනී අවධියේ කලලරූපය බෙහෙවින් මන්දගාමී ව වැඩෙන අතර එමඟින් ගැබ් ගැනීම සම්පූර්ණ වීමට වැඩි කාලයක් ගතවෙනවා.. ගුප්ත ළදරුවන් එම ගර්භණී සමයේදී තිබි යුතු ප්‍රමාණයට වඩා සැලකිය යුතු තරම් අඩු බරකින් යුතු බව සොයා ගන තියෙනවා.

තවත් හේතුවක් නම්, ගර්භණී කාලය පුරාම අඛණ්ඩ කාලයක් අධික රුධිර වහනය වීම තුලිනුත් ගර්භණී කාලය වැඩි වන බව ද සොයාගෙන තියෙනවා.

කාන්තාවකට තම ඔසප් චක්‍රය මඟ හැරුණු විට පවා ඇය ගැබ්ගෙන ඇති බව සොයා නොගන්නේ කෙසේද?

ගර්භනී භාවයක් සඳහන් කරන විට මුලින්ම එය හඳුනා ගන්නෙ ඔසප් චක්‍රය නැවතීමෙන් උනත් Cryptic Pregnancy එකකදි එසේ කරන්න බෑ. ඒ මොකද මෙවන් ප්‍රසුතියක් සිදුකල සෑම කාන්තාවකටම මාසික හා නිතිපතා ඔසප් චක්‍ර නොමැති වීමයි. ගර්භණී සමයේදී ඔවුන් වරින් වර ලේ ගැලීම සිදු කරන්නේ නම්, කාන්තාවක් එය රුධිර වහනයක් ලෙස වරදවා වටහා ගත හැකියි.

අඩු රුධිර වහනය මානසික ආතතිය හෝ වෙනත් ගැටළු වලට හේතු විය හැකියි. සමහර විට, අක්‍රමවත් ලේ ගැලීම ඔසප් වීමේ සලකුනක් ලෙස වරදවා වටහා ගත හැකියි.

මෙහිදී සැලකිල්ලට ගත යුතු කාරණය නම්, ඔබ ගර්භණී රෝග ලක්ෂණ කිහිපයක් අත්විඳින්නේ නම් හෝ හරි යැයි හැඟෙන්නේ නැති දෙයක් තිබේ හිතට දැනෙනවා නම්, හැකි ඉක්මනින් වෛද්‍යවරයා හමුවීමක් කරන්න.

අවසාන වශයෙන් Cryptic Pregnancy සම්බන්ධ පළමු ප්‍රසිද්ධ සිදුවීම සිටි සින්හා නැමති කාන්තාව ගැන සිදුවීම නෙමෙයි. වරක් ඇමරිකන් විවාහ කාන්තාවකට මෙවන් හදිසි ප්‍රසුතියක් සිදු උනා. එහිදි ඇය පවා සමාජයේ උසුළු විසිළු වලට ලක් වුණා. නින්දා අපහාස වින්දා. හේතුව වුණේ ඇගේ ස්වාමියා හමුදා සේවයෙ යෙදිමත් ඔහු අවසන් වරට නිවසට පැමිණ ඇත්තේ මාස 12 ට පෙර වීමත් යන කාරණා.

නමුත් DNA පරික්ෂණයකින් සාර්ථක ලෙස ඔප්පු වුනා ඒ දරුවා ඇගේ ස්වාමියාගේම බව.

එහෙම වුණ හේතුව මේ ලිපිය ඔක්කොම කියෙව්වා නම් දැන් ඔයාට තේරෙනවා.

මේ ලෝකෙ අපිට බැලු බැල්මට තේරුම් ගන්න බැරි සිදුවීම් සිදු වුණාම ඒවා දෙවරක් නොහිතා හාස්‍යයට ගන්න කලින් එකම එක පාරක් එසේ වීමට ඇති සම්භාවිතාව ගැන පොඩි හරි අවධානයක් දෙන්න.
ඒ මොකද?
“කිසිවක් කිසිසේත්ම සිදු නොවේ යැයි අපිට උපකල්පන දෙන්න බෑ”

උපුටා ගැනිම : චාන්‍යා හේරත්

More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »