Press "Enter" to skip to content

විවධ ප්‍රදේශ වල ජලය වෙනස් පාට ගැනීමට හේතු මෙන්න

ජලය කියන්නේ අවර්ණ ද්‍රාවණයක්. ඒත් ලෝකයේ විවිධ ස්ථාන වල පවතින ජලයෙහි විවිධ වර්ණයන් දකින්න ලැබෙනවා. ඉතින් මේ කතා කරන්න යන්නේ අවර්ණ ජලය ස්වාභාවිකවම වර්ණ ගැන්වෙන්නේ කොහොමද කියලා.

  • මුහුදු ජලය නිල් පාට වන්නේ ඇයි?

සාමාන්‍යයෙන් අහසේ නිල් පාටත් එක්ක මුහුදත් නිල් පාට වෙනවා කියලයි. මෙහිදී සිදුවන්නේ මුහුදු ජලය මඟින් වර්ණාවලියේ ඇති රතු සහ අනෙක් වර්ණ අවශෝෂණය කර පෙරා හැරීම. එවිට නිල් වර්ණය පමණක් මුහුදු ජලයට උරා ගනු ලබනවා. නමුත් මුහුදු ජලය වුණත් ජලයේ සංයුතිය වෙනස් වන විට පාට වෙනස් වෙනවා.

  • බේරේ වැවේ ජලය කොළ පාට වෙන්නේ ඇයි?

නගරාශ්‍රිත ජලය කොළපාට වෙන්නේ ජලයේ තිබෙන නයිට්‍රජන් සහ පොස්පරස් වැනි ඛනිජ ද්‍රව්‍ය වැඩිවීම නිසයි. ඊටපස්සේ එම ජලයේ කොළ පාට ඇල්ගී වර්ග ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. එමඟින් ජලයේ ඔක්සිජන් උරාගනු ලබනවා. ඉන් මාළුන්ටවත් ජීවත් වෙන්න බැරි දුර්ගන්ධ ජලය නිර්මාණය වෙනවා.

  • කඳුකර ජලය කොළ පාට වෙන්නේ ඇයි?

ඔබ දකිනවා ඇති නවසීලන්තය, ස්විට්සර්ලන්තය, හිමාලය වැනි රටවල ජලය, එහෙමත් නැත්නම් කඳුකර ප්‍රදේශ වල ජලය කොළ පාට, හෝ කොළ පාටට හුරු නිල් පැහැයක් ගන්නවා. ඊට හේතු වී ඇත්තේ එම ජලයේ අඩංගු ඛනිජ වර්ගයි. කඳුකරය තුළින් සහ ග්ලැසියර දිය වීමෙන් ගලා එන ජලය හරහා මේ ඛනිජ තියෙන ජලය ජල මූලාශ්‍ර වලට එකතු වෙනවා. මේ ඛනිජ ද්‍රව්‍ය අතර තියෙන කැල්සියම් කාබනේට් වලින්ජ තමයි ජලය කොළ පැහැ ගැන්වෙන්නේ.

  • ජලය රතුපාට වෙන්නේ ඇයි?

ඇතැම් රටවල් වල විවිධ ස්ථානවල ජලය රතු පැහැයෙන් යුක්ත වෙනවා. ඊට හේතු වන්නේ, ජලයේ අඩංගු යකඩ සහ මැංගනීස්.

  • ජලය කළු පාට වෙන්නේ ඇයි?

ඇතැම් රටවල් වල ජලය කළු පැහැයෙන් දකින්න ලැබෙනේ ජලයට එකතු වී ඇති කුණු සහ අපද්‍රව්‍ය නිසයි. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශ වල මේ තත්වය දකින්න ලැබෙනවා.

  • ජලය දුඹුරු පාට වෙන්නේ ඇයි?

සාමාන්‍යයෙන් වැසි කාලයේදී ගංවතුර සහ ගංගා වල ජලය දුඹුරු පාටක් ගන්නවා. ඒ විදිහට දුඹුරු පාට, රතු පාට, කළුපාට ගංගා ජලය වෙනස් වෙන්නේ ඒ ඒ කලාපයේ තියෙන පස අනුවයි.

More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »