Press "Enter" to skip to content

සුඛෝපභෝගී නිවාස සමඟින් මහ මුහුදේ රජ කරන්න “සොම්නියෝ” සූදානම්

මේ ලෝකෙ ලෝකේ ජීවත් වෙන මිනිස්සු හැටියට අපිට එකේක බලාපොරොත්තු තියෙනවා. සමහර බලාපොරොත්තු හරිම විශාලයි. හරියට ලෝකයේ විශාලතම යාත්‍රාව වන නෞකාව වගේ. මොකක්ද මේ නෞකාව. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන.

The world's largest yacht - Somnio - has been unveiled and she's so big a new category has been coined for her ¿ 'yacht liner'

ලෝකෙ ඉන්න සුපිරිම ධනවතුන් ට මිලියන අටක මහල් නිවාසයක් මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙන්න “සොම්නියෝ” නමැති මේ නෞකාව සමත් වෙලා තියෙනවා. නෞකාවක් ඇතුලේ සුඛෝපභෝගී නිවාස හිමි කරගන්න එක ධනවතුන්ගේ හීනයක්. හැබැයි ධනවතුන් 39 කට පමණයි ඒ අවස්ථාව ලැබෙන්නේ.

'Somnio' will launch in 2024 and, with a length of 222m (728ft), will be easy to spot from the outside

ලෝකයේ විශාලතම යාත්‍රාව විදිහට 2024 වසරේදී දියත් කරන්න නියමිත මේ නෞකාව මීටර් 222ක් එහෙම නැත්නම් අඩි 728 දිගයි. හැබැයි මේ යාත්‍රාව ඇතුලත බලන්න අවස්ථාව ලැබෙන්නේ වරප්‍රසාද තිබෙන සුළු පිරිසකට පමණයි. ඒකට හේතුව වෙලා තියෙන්නේ සුපිරි ධනවතුන් වෙනුවෙන් මෙහි නිවාස 39 වෙන් කරලා තිබීම.

Somnio will serve as a floating condo for the super-rich, offering 39 ultra-luxury apartments starting at 9.5million euros (£8.1million/$11.2million)

ඒ විතරක් නෙමෙයි මේ නිවාස අයිති වෙන අයිතිකරුවන්ගේ අනන්‍යතාවය ඉතාමත් තදින් ආරක්ෂිත ලෙස රහසක්ව පවත්වා ගැනීමට ඔවුන් තීරණය කරලා තියෙනවා. ඒ වගේම මේ මහල් නිවාස මිලදී ගැනීමේ අවස්ථාව හිමිවෙන්නේ ආරාධනා කරන කෙනෙකුට හෝ යොමු කිරීමක් කරන පුද්ගලයකුට පමණක් බව තමයි ඔවුන් සඳහන් කරන්නෙ.

The apartments will be spread over six decks, each one fully customisable

ලොව ප්‍රමුඛතම ගෘහ නිර්මාණ සැලසුම් සහ චිත්‍රාගාර දෙකක් සමඟින් සාගරය මත සුපිරි ජීවිතයක් අත්විදින්න මේ නිවාස වල හිමිකරුවන්ට අවස්ථාව ලැබෙනවා. මේ එක නිවාසයක් තට්ටු හයකින් සමන්විතයි. පුද්ගලික මුළුතැන්ගෙයක්, ව්‍යායාම ශාලාවක්, ඇතුළත සහ පිටත භෝජනාගාර වගේම විශේෂිත ඇඳුම් ආයිත්තම් කට්ටල සහිතව මේ නිවාස නිර්මාණය කරලා තිබෙනවා.බෝතල් 10,000 ධාරිතාවයක් තිබෙන wine බඳුනක් සහ රස බැලීමේ කාමරයක්, අවන්හල් සහ ජල ක්‍රීඩා පහසුකම් සහිත onboard beach club එකක්ද මේ නිවාස හිමි කාරයන්ට ලැබෙන වරප්‍රසාදයක්. ඒ වාගේම මේ නෞකාවේ ඉහළින්ම තිබෙන විවේකාගාරයේ සිට අපූරු දර්ශනය නැරඹීමේ හැකියාව හිමිවෙනවා.

A personal kitchen, gym, a library, inside/outside dining spaces and distinct dressing areas are all potential features owners can order

හරියට ගොඩබිම ජීවත් වෙනවා වගේම සියලුම අවශ්‍යතා සපුරාලීමට මේ නෞකාවට හැකියාව තිබෙනවා. සොම්නියෝ නෞකාවේ නිෂ්පාදකයින් ප්‍රකාශ කරන අන්දමට ලොව ප්‍රථම යාත්‍රා නෞකාව තමයි මේ.ඒ වාගේම වගේම උපරිම ප්‍රමිතීන්ට අනුකූලව නිමවා තිබීම ගැන ඔවුන් සහතික වෙනවා. වසංගත හා අනෙකුත් ගෝලීය අවදානම්වලින් බැහැර වෙලා ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සමඟින් මහල් නිවාස හිමියන් වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ද මේ යාත්‍රාව තුළින් ලබා ගන්න පුළුවන්.

Owners will have access to a 'spectacular' 10,000-bottle capacity wine cellar and tasting room

මේ සුඛෝපභෝගී නිවාස 39 හිමිකරුවන් සමඟින් ලෝකයේ සිව් කොනටම යාත්‍රා කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙහි වාසය කිරීමට ලැබෙන උසස් ගුවන් යානා උපකරණ විද්‍යාඥයින් සහ නාවික විශේෂඥයින්ට සාගර පරිසරය පිළිබඳ පර්යේෂණ කිරීමට අපූරු අවස්ථාවක් මෙමගින් ලැබෙනවා කියලයි ඔවුන් පවසන්නේ. ඒ වගේම මේ වෙනකොට පවතින ගෝලීය අභියෝග වලට සහ ප්‍රධාන පාරිසරික ගැටලු වලට පිළිතුරු සොයා බැලීමටත් මේ ගමනෙන් ඔවුන්ට හැකියාව ලැබෙනවා.

A statement for the unveiling of Somnio says: 'Somnio is the world's first "yacht liner", conceived to provide all the benefits of superyacht ownership and finished to the highest possible standards, with onboard amenities reflecting the service and offering only found in the world's finest hotels'

සොම්නියෝ නෞකාවේ කපිතාන්වරයා පවසන පරිදි මෙය ලෝකයේ අති විශිෂ්ට සාර්ථකත්වයක් ලබන නෞකාවක් වන බවයි ඔහුගේ විශ්වාසය.

World-class medical care will also be available onboard, providing apartment owners with the highest level of safety away from pandemics and other global risks. This rendering shows how Somnio will be a sight to behold even at night

මේ සොම්නියෝ නෞකාව කළින් පැවසුවා වගේම දිගින් සහ පරිමාවෙන් දෙකෙන්ම ලොව විශාලතම යාත්‍රාව වෙනවා. ඒ වගේම නවීනතම පිරිසුදු එන්ජින් තාක්ෂණයකින් මේ නැව බලගැන්වීමට නියමිතයි. ඉතාලි නැව් සමාගමක් වන ෆින්කැන්ටෙරී හි කොටසක් වන නෝර්වේහි වර්ඩ් විසින් මේ නෞකාවේ ඉදිකිරීම් සිදු කරනවා.

Somnio will be the largest yacht in the world, by both length and volume, and powered by the latest clean engine technology

ඉතින් මේ සුඛෝපභෝගී නිවාස 39 හිමිකරුවන් කවුරුන් වේවිද යන්න රහසක් වුණත් ඔවුන් වාසනාවන්තයින් වේවි. (colombotimes.lk)

More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »