Press "Enter" to skip to content

ෆින්ලන්තයෙන් හමු වූ පාෂාණමය යුගයේ සර්ප මූර්තිය

මානව ඉතිහාසය අධ්‍යනය කරන විට ඒ සෑම තැනකම සර්පයන් සඳහා වෙන් වෙලා තිබුනේ විශේෂ ස්ථානයක්. ඊජිප්තුව වැනි රටවල් වල සර්පයෙක් කියන්නෙත් දේවත්වයෙන් සලකන කෙනෙක්. ඉතින් අන්න ඒ පුරාණ සර්ප කලා ලෝකයට තවත් සාමාජිකයෙක් එකතු වෙලා තිබෙනවා.මේ ගැන කතාවක්.

sinuous-stone-age-snake-sculpture-unearthed-finland

ෆින්ලන්තයේ ජලයෙන් යට වූ කෙත් යායකින් තමයි මේ සර්ප මූර්තිය හමුවෙලා තියෙන්නේ.එය වසර 4,000 කට වඩා පැරණි බවයි විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ.මෙම ලී කෞතුක භාණ්ඩය පසුගිය වසරේ නිරිතදිග ෆින්ලන්තයේ ජර්වෙන්සුඕ හි දී සොයා ගන්නා විටත් එය විශාල මඩ ප්‍රමාණයකින් ආවරණය වී තිබුණා.අඟල් 21ක් දිග මේ රූපය කෙත් යායේ ආදී එකහමාරක් පමණ ගැඹුරින් තමයි තිබිලා තියෙන්නේ.

මේ ලී සර්ප ප්‍රතිමාව නියොලිතික් උතුරු යුරෝපයේ සුවිශේෂී සොයා ගැනීමක් බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.නැඟෙනහිර බෝල්ටික් හා යූරල් කඳු අතර ලී, අස්ථි, ඇම්බර් හෝ මැටි වලින් සාදන ලද සර්පයන් ඉඳහිට හමු වී ඇතත්, මෙවැනි රුප හමුවීම ඉතාමත් දුර්ලභ බවයි ඔවුන්ගේ අදහස.

4,400-year-old shaman's 'snake staff' discovered in Finland - Amanology

මේ ප්‍රතිමාවෙන් පෙන්නුම් කරන සර්පයාව තවමත් හඳුනාගෙන නැති අතර එය විග්‍රහ කිරීමට අපහසු බවයි පර්යේෂකයින් පවසන්නේ. කාලයත් සමඟ සසඳන විට එය අති දක්ෂ නිර්මාණයක් බවත්, දරුවෙකුගේ සෙල්ලම් බඩුවක් ලෙසින් පෙනෙන බවත් ඔවුන් පවසනවා.

මෙම සර්ප නිර්මාණය සංස්කෘතික විශ්වාසයන් සමඟින් බැදී ඇති බවත් ඔවුන් පවසනවා.වසරක් පුරා කැණීම් කටයුතු සිදු කළත් මෙතෙක් සොයාගෙන ඇති බොහෝ කෞතුක වස්තු මසුන් ඇල්ලීම හා සම්බන්ධ වන අතර මාළු දැල් සහ පයින් පොතු සහ බර්ච් පොතු වලින් සාදන ලද බේසම් මෙන්ම පුරාණ වැව ​​පතුලට පහර දුන් ලී ගොඩවල් සහ කණු ද ඒ අතර තිබෙනවා.

sinuous-stone-age-snake-sculpture-unearthed-finland

කෙසේ වුවත් යුරෝපීය ජනතාවගේ සංස්කෘතියේ තවත් පැතිකඩක් මේ හරහා හෙළි කර ගැනීමට හැකි වන බව නම් ස්ථිරයි. (colombotimes.lk)

4,400-year-old shaman's 'snake staff' discovered in Finland
More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *