Press "Enter" to skip to content

✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞𝗘𝗗: මීගමුව වෙරළට දිය කිඳුරියක් ගොඩ ගැසුවාද? (සම්පූර්ණ වීඩියෝව සහිතයි)

දියකිඳුරියක් මීගමු වෙරළට ගොඩ ගසා ඇති බවට පළ වූ පුවතක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.

කෙස් වෙතත් මෙම වීඩියෝව ප්‍රධාන මාධ්‍ය හරහා දක්නට ලැබුණේ නැහැ.

ඒ හේතුවෙන් යම් කිසි කණ්ඩායමක් විසින් මෙලෙස ජනතාවගේ අවධානය ලබා ගැනීම සඳහා සිදු කරනු ලබන කටයුත්තක් බවට පෙනී යනවා.

Sinha Tv නම් Facebook පිටුවකින් සහ SL Reporter නම් යූ ටියුබ් නාලිකාවෙන් මෙම මුල් වීඩියෝව නිකුත් කර තිබෙනවා.

එමෙන්ම Tik Tok සමාජ මාධ්‍ය සහ WhatsApp මාධ්‍ය තුළද මෙම වීඩියෝව වේගයෙන් සංසරණය වුණා.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ මුහුදෙන් ගොඩබිමට ගොඩ ගසා ආ දියකිඳුරියක් පැටලී සිටින සුන්බුන් වලින් මුදවා ගන්නා ආකාරයක්.

මෙම සත්‍ය දර්ශන පෙළක් ලෙස පෙනී යන ආකාරයෙන් නරඹන්නන්ගේ අවධානය යොමු කරමින් වීඩියෝවක් නිර්මාණය කර තිබෙන්නේ ලෝක සාගරය දිනයට සමගාමීව “සාගර දූෂණයට එරෙහිවෙමු” යන තේමාවෙන් සිදුකරන ලද ව්‍යපෘතියක කොටසක් ලෙසින්.

පසුගියදා සිදුවූ මෙරට මුහුදු සීමාවේ සිදුවූ X Press Pearl නෞකා ගින්න හේතුවෙන් විශාල සමුද්‍ර දූෂණයක් මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.

මේ සිදුවීම අළලා මීගමු වෙරළට දියකිඳුරියක් ගොඩගසා ඇති බවටත් එම කිඳුරිය මාළු දැක අපද්‍රව්‍ය සමඟ වෙළී සිටින ආකාරයක් පෙන්නුම් කරමින් ලෝක සාගර දිනය හේතුවෙන් මෙම වීඩියෝව නිර්මාණය කර තිබුණා.

ජනතාවගේ අවධානය ලබා ගැනීම සඳහා පසුගියදා වුණු නෞකාවෙන් ඇතිවූ සමුද්‍රීය දුෂණය හේතුවෙන් මීගමු වෙරළේ සිදුවුණු පරිසර විනාශය අළළා මෙම නිර්මාණය කරන ලද්දේ ලෝක සාගර දිනය යෙදෙන (ජුනි 08) දිනය නිමිත්තෙන් බවත් මෙයින් ජනතාවට යහපත් පණිවිඩයක් ලබා දීම පෙරදැරි කරගෙන මෙම වීඩියෝව මහත් පරිශ්‍රමයකින් නිර්මාණය කළ බවත් Trip පිස්සෝ YouTube නාළිකාව විසින් Fact Crescendo වෙබ් අඩවියට තහවුරු කර තිබෙනවා.

මෙහි අධක්ෂණ කටයුතු උදය හේවාගම මහතා විසින් සිදු කර තිබෙන අතර ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වී තිබුණේ තිබු ගයත්‍රී ජයමාන්න. වේශ නිරුපණ කටයුතු කර තිබුනේ බුවනෙක රණවක මහතා විසින්.

තවද හේතුවෙන් මීගමුව වෙරළ යැයි සඳහන් කළද මෙම වීඩියෝවේ රූගත කිරීම් සිදු කරනු ලැබුවේ දෙහිවල මුහුදු තීරයේ බවත්, පූර්ව ප්‍රචාරයක් Sri Tv ෆේස්බුක් පිටුව හා SL Reporter යූ ටියුබ් නාලිකාව මගින් සිදු කළ බවත් සඳහන් කර තිබෙනවා.

නමුත් මෙහි පූර්ව ප්‍රචාරක වීඩියෝ කොටස නැරඹූ බොහෝ දෙනෙකු මෙම වීඩියෝව අළලා සටහන් නිර්මාණය කර ෆේස්බුක් ඔස්සේ ප්‍රචාර කිරීම හේතුවෙන් බොහෝ පිරිස් මේ පිළිබඳ විමසා සිටි අතර ඇතැම් අය සත්‍ය සිදුවීමක් ලෙස සලකමින් නොමග ගොස් තිබුණා. (colombotimes.lk)

ස්තුතිය: Sara Gunarathne (Fact Crescendo)

More from | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞More posts in | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞 »