Press "Enter" to skip to content

4K Video නැති සියළුම Device වලට 4K Video අත්දැකීමක් ලබාදීමට YouTube සූදානම්

4K අල්ට්රා HD දර්ශන සහිත කැමරා, රුපවාහිනි, පරිගණක සහ දුරකථන විට වෙළඳපොල දකින්න ලැබෙනවා. නමුත් ඇතැම් දුරකථන වල 4K Display එකක් තිබ්බත්, බොහොමයක් ජංගම දුරකථන වල 4K Display නැහැ. ඒ නිසාම 4K Resolution සහිත Video නිවැරදිව නැරඹීමේ හැකියාවක් නැහැ.

සාමාන්‍යයෙන් YouTube එකේ 4K හෝ 8K video නැරඹීම සඳහා ඔබේ දුරකථනයේ තිරය අනිවාර්යයෙන්ම එම Resolution වලට සහය දැක්විය යුතුයි. නමුත් බොහොමයක් ජංගම දුරකථන වල YouTube ඔස්සේ Video Play කළ හැකි වන්නේ 1080p Resolution එක දක්වා පමණයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පර්යේෂණ කිහිපයක්ම සිදු කර ඇති නමුත් ඒවා සාර්ථක වී නැහැ.

ඒ කොහොම වුණත් සැබෑ 4K අත්දැකීමක් ලබාගත හැකි 4K තිර සහිත දුරකථන මිල ඉතාමත් වැඩියි. බොහෝදෙනෙක් භාවිතා කරන්නේ FHD+ සහිත දුරකථනයි.

නමුත් ඉතා ඉක්මනින්ම ඉදිරියේදී ඔබේ දුරකථන තිරය 4K සඳහා සහාය නොදැක්වුවත් YouTube ඔස්සේ 60FPS-4K resolution සහිත වීඩියෝ නැරඹීමේ හැකියාව ලැබෙනු ඇති.

මෙම පහසුකම දැනට Android දුරකථන භාවිතා කරන පරිශීලකයන් වෙනුවෙන් පමණක් ලබාදීමට සැලසුම් කර ඇති බවයි YouTube ආයතනය පැවසුවේ.

2021 පෙබරවාරි 13 දා මෙම පහසුකම YouTube විසින් නිකුත් කර ඇති අතර Galaxy S10e සහ Galaxy Tab S5e Device වලට මෙය අත්හදා බලා තිබෙනවා.

IOS සහ අනෙකුත් Android මාදිලි සඳහා නුදුරේදීම නිකුත් කරන බවයි එම සමාගම පවසන්නේ. (Colombo Times)

More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »