Press "Enter" to skip to content

මොඩර්නා එන්නත පිළිබඳව සමාජ මාධ්‍යයේ අසත්‍ය ප්‍රචාරණයන් සිදුවන බවට පොලීසියට පැමිණිල්ලක්

මොඩර්නා එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරණයන් සිදුවන බවට ඊයේ මහනුවර පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ, මහනුවර මහ රෝහලේ නීති වෛද්‍යවරයා විසින්.

ඒ අනුව මහනුවර දිස්ත්‍රිකයේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳවැටෙන බැවින් මෙලෙස අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මොඩර්නා එන්නත අහිතකර බවටත්, එහි නැනෝ තාක්ෂණය මුසුකර ඇති බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරණයන් සිදුව තිබුණා. (colombotimes.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *