Press "Enter" to skip to content

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක් කාන්තාවකට ලබා දුන් බවට පැමිණිල්ලක්

මහනුවර කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයට ගිය කාන්තාවකට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක් ලබා දුන් බව පවසා එම කාන්තාවගේ සැමියා පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එන්නත් මාත්‍රා දෙකක් ලබා දුන් බවට පැවසෙන කාන්තාව එන්නත්කරණ මධ්‍යස්ථානයේදී ක්ලාන්තව රෝගී තත්ත්වයට පත්වීමෙන් පසු එහි සිටි සෞඛ්‍ය සේවකයින් විසින් මූලික ප්‍රතිකාර ලබා දී ඇය නිවස වෙත පිටත්කර යවා තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරුව නිවසේදී එම කාන්තාව යළිත් ක්ලාන්ත වීම නිසා ඇය පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක් ඔගස්ටාවත්ත එන්නත්කරණ මධ්‍යස්ථානයේදී කාන්තාවකට ලබා දුන් බවට පැමිණිල්ලක් තමන් වෙත ද ලැබුණු බවත්, ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදුකරන ලෙස මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයාට දැනුම් දුන් බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළා. (colombotimes.lk)

COLOMBO TIMES REPORTER: Kamal Suraweera (Kandy)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *