Press "Enter" to skip to content

අපරාධකරුවෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ මූල්‍ය දායකත්වයෙන් YouTube දැමූ ගීතයක් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක්

මීට වසර දෙකකට පමණ ඉහතදී “රස්තියාදු පදනම” යනුවෙන් හඳුන්වනු ලබන කණ්ඩායමක් විසින් අන්තර්ජාලයට මුදාහරින ලද දේශීය රැප් සින්දුවක් ඉවත් කිරිමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

කොවිඩ් වෛරසය නිසා අන්තර්ජාලය ඔස්සේ ඉගෙනුම ලබන සිය දරුවන්ට අසභ්‍ය වචන, මත්ද්‍රව්‍ සඳහා පෙළඹවීම සහ අයහපත් ආදර්ශයන්ට මෙම ගීතය මගින් යොමු කරන බවට දෙමව්පියන් පිරිසක් විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවද වාර්තා වනවා.

දෙමව්පියන්ගෙන් ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මේ සම්බන්ධයෙන් අලුත්කඩේ අධිකරණය වෙත කරුණු වාර්තා කරනු ලැබුවා.

මෙම ගීතය සෑදු බව කියන පුද්ගලයින් තිදෙනාව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී අධිකරණය විසින් ඔවුන්ට ඇප කොන්දේසි නියම කරමින් අදාළ වීඩියෝව පැය කිහිපයක් තුළ අන්තර්ජාලයෙන් ඉවත් කිරිමට නියෝග ලබා දෙන ලෙසයි පැවසුවේ.

මෙම විමර්ශනයේදී හෙළිවූ තවත් කරුණක් වූයේ අදාළ ගීතය ගායකයින්ට සහ ගීත නිර්මාණය සඳහා මූල්‍ය ආධාර ලබාදී ඇත්තේ මිට මාස 04 කට පෙර මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්තේ දිනුක බවයි. (colombotimes.lk)