Press "Enter" to skip to content

කළුතර බන්ධනාගාරයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක්

අද (27) දිනයේ කළුතර බන්ධනාගාරයේ D අංශයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් අවි අංශයේ නිලධාරීන් හා රාත්‍රි සේවයේ යෙදී සිටි නිලධාරීන් විසින් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර එම පාර්සලය තුළ තිබි,
01) මත් කරල් – 20
02) මත් පෙති – 10
03) ජංගම දුරකථන – 02
04) ජංගම දුරකථන චාජර් – 02
05) සිම්පත් – 02
06) දුම්කොළ – 10ක්, සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකි වුණා.

ඒ අනුව එම මත්ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදිමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ. (colombotimes.lk)

Viber