Press "Enter" to skip to content

පළාත් සභා මැතිවරණය කඩිනම් කරන ලෙස හිටපු ජනපතිගෙන් ඉල්ලීමක්

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගීවීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව පැවසුවා.

බඩු මිල ඉහළ යෑම නිසා ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටින බවත් ජනතාවට මේ මොහොතේදී යම් සහනයක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට හදිසි ක්ෂණික විසඳුම් ඇතැයි තමා විශ්වාස නොකරන බවයි ඔහු පැවසුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් මෙම සභාවේදී විශේෂයෙන් සාකච්ඡා කෙරුණු බවත් පක්ෂයේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට මේ අනුව ඉදිරියේදී කටයුතු කරන බවත් සිරිසේන මහතා ප්‍රකාශ කළා.
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »