Press "Enter" to skip to content

අවිශ්ක ගැන මහේලගෙන් විශේෂ යෝජනාවක්

අවිශ්ක ප්‍රනාන්දුට විස්සයි 20 තරගාවලියේ අංක 4 ස්ථානයේ පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන යෝජනා කර තිබූ බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් මහතා පවසනවා.

අවිශ්ක ප්‍රනාන්දු, විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට පෙර පැවති පුහුණු තරඟ හතරේදී ආරම්භක පිතිකරු ලෙස අංක 4 ස්ථානයේ සාර්ථක වුණා.

අවිශ්කගේ පිතිකරණය පිළිබඳ දත්ත විශ්ලේෂණයක් කිරීමෙන් පසු මහේල ජයවර්ධන මෙම පියවර ගැනීමට යෝජනා කළ බවයි T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාවේ පළමු තරඟයට පෙර වාර්තාකරුවන්ට අදහස් දක්වමින් ආතර් පැවසුවේ.
(colombotimes.lk)

Viber
More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »