Press "Enter" to skip to content

සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා තිබිය හැකි බවට අනතුරු ඇඟවීමක්

ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් ආශ්‍රිතවම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වැලඳුණ ආසාදිතයින් සිටිය හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරනවා.

සෑම පුද්ගලයෙක් සඳහාම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇතිදැයි පරික්ෂා කිරීම සඳහා කාර්යක්ෂම ක්‍රමවේදයක් නොමැති බැවින් ඩෙල්ටා පොකුරු බිහිවීමට ඉඩ නොදෙන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එසේම ඊයේ දිනයේ දී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් යම් ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයින් විය හැකි බවයි ඔහු වැඩිදුරටත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.(colombotimes.lk)

More from | LOCALMore posts in | LOCAL »