Press "Enter" to skip to content

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දුම්රියන් තුළ සජීව මගී ධාරිතාව දැනගැනීමට ක්‍රමයක්

දුම්රියේ යන එන ⁣බොහෝ දෙනෙක් දන්න Mobile App එකක් තමයි RDMNS.LK කියලා කියන්නේ. RDMNS, එහෙමත් නැත්නම් රට වටා දුම්රිය මගීන්ගේ නිල සමූහය කියලා කියන්නේ ලංකාවේ දුම්රියේ ගමන් ගන්නා මගීන් ලක්ෂයකට වැඩි පිරිසක් සම්බන්ධ වෙච්ච ලංකාවේ විශාලතම සහ එකම Facebook සමූහය.

RDMNS සමූහයේ පරිපාලන මණ්ඩලය සහ තොරතුරු තාක්ෂණ අංශය විසින් දුම්රිය මගීන් වෙනුවෙන්ම නිර්මාණය කර ඇති RDMNS.LK Mobile App එක හරහා මේ වන විට දුම්රිය ප්‍රමාදයන්, හදිසි අවලංගු වීම් ඇතුළු දුම්රිය ධාවනය පිළිබඳව එදිනෙදා සජීවී තොරතුරු බෙදා හරිනු ලබනවා.

RDMNS සාමාජිකයන් වෙනුවෙන් නිර්මාණය කරන ලද නවතම RDMNS Train Tracking System (TTS) User Portal පද්ධතිය සමග Register වූ ඕනෑම අයෙකුට තමන් ගමන් ගන්නා දුම්රියෙහි Live Updates සමාජගත කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

එම තො⁣රතුරු හරහා දුම්රිය දැන් තිබෙන ස්ථානය සජීවීව RDMNS.LK Mobile App එක හරහා පරික්ෂා කර ගත හැකි වනවා.

එහි නවතම විශේෂාංගය ලෙස එහි පස්වෙනි සංවත්සරයට සමගාමීව, මේ දිනවල පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ දුම්රියන් තුළ අධික මගී තදබදය පාලනය කිරීමට යම් සහයක් දක්වමින් දුම්රිය තුළ මගී ධාරිතාව RDMNS.LK Mobile App තුළින්ම පරික්ෂා කර ගත හැකි පහසුකමක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව යම් දුම්රියක Live Update එකක් ක්‍රියාත්මක වන අවස්ථාවකදී,

▶️ ආසන ගණනට වඩා අඩුවෙන් මගීන් සිටී

▶️ ආසන ගණනට මගීන් සිටී

▶️ ආසන ගණන ඉක්මවා මගීන් සිටී

▶️ මගී ධාරිතාවය උපරිමයට ලඟා වී ඇත යන අවස්ථා පෙන්නුම් කරනු ලබයි.

මෙය තව තවත් විස්තර වශයෙන් ඉදිරියේදී ලබාදීමට නියමිතයි.

මෙම සේවාවන්ට අමතරව RDMNS සමූහය විසින්

▶️ දුම්රිය තිබෙන ස්ථානය

▶️ දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගුවීම්

▶️ විශේෂ දුම්රිය කාලසටහන්

▶️ අතපසු වූ සහ දමාගොස් හමුවූ භාණ්ඩ පිළිබඳ තොරතුරු

▶️ දුම්රිය ස්ථානයන්හි දුරකථන අංක යන තොරතුරුද මහජනතාව වෙත සපයනු ලබනවා.

RDMNS.LK Mobile App එක Google Play Store / Apple App Store හෝ Huawei App Gallery වෙත පිවිස RDMNS.LK ලෙස Search කර Download කරගත හැකියි. (colombotimes.lk)

More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »