Press "Enter" to skip to content

AIESEC Sri Lanka වෙතින් අපොස උසස්පෙළ නිම කළ සිසුන්ට Online වැඩමුළු මාලාවක්

Last updated on November 29, 2021

AIESEC Sri Lanka මඟින් සංවිධානය කරනු ලබන Amplifier 2021 වැඩමුළුව, අ. පො. ස. උසස් පෙළ විභාගය නිම කර සිටින සිසු සිසුවියන් ඉලක්ක කරගනිමින් සිදු කරන නායකත්ව සංවර්ධන වැඩමුළුවකි. මේ සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීමේදී ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි, එක් දිස්ත්‍රික්කයකින් අවම වශයෙන් සිසුන් දස දෙනෙක් (10) වන පරිදි මුලු සිසුන් ගණන 250ක් ඉක්මවූ පිරිසක් මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි. එමෙන්ම මෙම වැඩසටහන තුළින් නායකත්ව සංවර්ධනය දිවයිනේ සියලුම දරු දැරියන් හට ලබාගත හැකි සම්පතක් බවට පත් කිරීම AIESEC Sri Lankaහි අරමුණයි.

එය 2021 සැප්තැම්බර් 19 වැනිදා සිට 2021 නොවැම්බර් 28 වැනිදා තෙක් පුරා මසක් ඔස්සේ පැවැත්වුණා. මෙහිදී පවත්වන විවිධ වැඩසටහන් හමුවේ මෙම සිසු සිසුවියන් හට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් සහ අනුශාසනා යටතේ ඔවුන්ගේ පෞර්ෂ වර්ධනය සහ හැකියාවන් හා කුසලතා වැඩිදියුණු කිරගැනීමට අවස්ථාවන් හිමිවුණා.

මෙහි ඇතැම් වැඩසටහන් මෙහෙයවීම සඳහා AIESEC Sri Lankaහි සාමාජික කමිටුවේ ආදි සාමාජිකයන් සහ ක්‍රියාකාරී සාමාජිකයන් ඉතාමත් ක්‍රියාකාරීව සහභාගීත්වය දක්වා තිබුණා. එමෙන්ම මේ තාක් කල් පැවැත්වුණු වැඩසටහන් අතරින් හසින්ත හේවාවසම් මහතා (Social influencer, Co-director of Nirwana Club and the Founder of SL Motivational Community) විසින් මෙහෙයවූ අභිප්‍රේරණ සැසිය (Motivational Session), කුමාර් ඩි සිල්වා මහතාගේ (Personality development and corporate etiquette trainer, Lead trainer at Kumar de silva Training & Formar audio visual officer at Embassy of France in Sri Lanka) සහභාගිතාවයෙන් පෞර්ෂ වර්ධන පුහුණු සැසිය සිදු කෙරුණා.

එමෙන්ම ශුහෙයිබ් අලි මහතාගේ (Founder of Pufferfish, Certified Skills Development Coash and Communication Evangelist) මඟ පෙන්වීම යටතේ සිදුකෙරුණු කරුණු ඉදිරිපත් කිරීමේ සහ සභාවක් ඉදිරියේ කතා කිරීමේ හැකියාවන් (Presentation and Public Speaking skills) වැඩිදියුණු කරගැනීමට Amplifier 2021 සමඟින් සම්බන්ධ වූ සිසු සිසුවියන්ට හැකියාව ලැබුණා.

මේ සියලු සැසි වාරයන් අතරතුර දී සහභාගීවන්නන් පිනවීම සඳහා The Voice තරගකරුවන් ගීත ගයනා කිරීමට Amplifier 2021 සමඟින් එක්වුණා.

මීට අමතරව කේශවී පුස්වේවැල මෙනවිය (Senior HR business partner corporate function, T&O & employer brand lead – Unilever Sri Lanka) සමඟින් නායකත්ව කුසලතා සංවර්ධනය කරගැනීමේ වැදගත්කම යන මාතෘකාව යටතේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවද මෙම සිසු සිසුවියන් හට ඉතාමත් වැදගත් සිදුවීමක් විය. මෙහි ඇති අද්විතීය කරුණ වන්නේ මෙම සම්මුඛ සාකච්ඡාව සම්පුර්ණයෙන්ම Amplifier 2021 සමඟ සම්බන්ධ වූ සිසු සිසුවියන් විසින් සිදු කිරීමයි. මෙය ඔවුන්ට ඔවුන්ගේ මේ තාක් දුරට වැඩිදියුණු කර ගැනීමට යෙදුණු හැකියාවන් උරගා බැලීමට Amplifier 2021 හි සංවිධායක මණ්ඩලය මඟින් ලබාදුන් අවස්ථාවක් වනවා.

එපමණක් නොව Amplifier 2021 හි සංවිධායක මණ්ඩලය, News 1st හි ගම්මැද්ද V-Voice තරුණ ව්‍යාපාර සමඟින් එකතුව, කස්තුරි චෙල්ලරාජා මෙනවියගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණු සම්මුඛ සාකච්ඡාව ඒ සඳහා සහභාගී වූ සිසු සිසුවියන් හට නායකයෙකු වශයෙන් අන්‍යන්ව දිරිගැන්වීමේ වැදගත්කම අවබෝධ කරගැනීමට විශාල ලෙස උපකාරී වුණා.

එමෙන්ම Amplifier 2021 හි සංවිධායක මණ්ඩලයේ සංකල්පයකට අනුව මෙය සමඟ එක්ව සිටින සිසු සිසුවියන් හට ඔවුන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ගෙනහැර පෑමට අවස්ථාවක් ලෙස Amplifier Got Talent විශේෂාංගය හඳුන්වා දී තිබෙනවා. එය 2021 නොවැම්බර් මස 16 වැනිදා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස නව පරපුරේ ගායක ශිල්පින් කිහිපදෙනෙකුගේ ද සහභාගිත්වයෙන් අති සාර්ථකව පැවැත්වුණා.

Amplifier 2021 සමඟින් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි විශේෂාංග ලෙස තරුණ සංවාද මණ්ඩපය (Youth Forum) හැඳින්විය හැකියි. එය නොවැම්බර් මස 27 සහ 28 යන දෙදින පුරා පැවැත්වීමට නියමිතයි. මෙම අවස්ථාව වයස අවුරුදු 18ත් 30ත් අතර පරාසයේ දිවයිනේ සියලුම තරුණ ප්‍රජාවට විවෘත කිරීමට සංවිධායක මණ්ඩලය අදහස් කළා. ඒ අනුව මේ සඳහා අ. පො. ස. උසස් පෙළ ශ්‍රේණි වල සිටිනා සිසු සිසුවියන් හටත්, අ. පො. ස. උසස් පෙළ විභාගය නිම කර සිටින සිසු සිසුවියන් හටත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් හටත් යන සියලුම කොට්ඨාස වලට විවෘත අවස්ථාවක් ලෙස පවත්වා තිබෙනවා. මෙය IMUN අන්තර්ජාතික ආදර්ශ එක්සත් ජාතීන්ගේ සමුළුවක ආකෘතියට සමාන ආකෘතියක් යටතේ සිදු කෙරෙනවා.

මෙම වැඩසටහනේ නිළ ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය Colombo Times දරණ අතර මෙහි සජිව විකාශයට Colombo Times Facebook පිටුව ඔස්සේ ඔබට එක්විය හැකියි (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »