Press "Enter" to skip to content

නාය යාමේ අවදානමක් ගැන නිවේදනයක්

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ නායයාමේ අවදානමක් මතුවුවහොත් වහා ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස නුවරඑළිය ආපදා කළමණාකරන ඒකකය නුවරඑළිය දිස්ත්‍රීක්කයේ ජනතාවට නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

මෙසේ පැවසීමට හේතුව අද අලුයම සිට මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල අධික වැසි සමග තද සුළං පැවතීමයි.

මේ අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවටයි වාර්තා වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. (colombotimes.lk)

Viber
More from | WEATHERMore posts in | WEATHER »