කොවිඩ් වෛරස අසාදිතයන්ට ලබා දිය හැකි ඉන්හේලරයක් ඊශ්‍රායලය සොයා ගෙන තිබෙනවා.
එම ඉන්හේලරය නිපදවා ඇත්තේ ඊශ්‍රායලයේ මහාචාර්යවරයෙක්.
එම ඉන්හේලරය ආශ්වාස කිරීමෙන් කොවිඩ් ආසාදිතයින් දින 05 ක් වැනි කෙටි කාලයක් තුලදී සුවය ලබන බවයි වාර්තා වන්නේ.
සායනික පරීක්ෂණවලදි එම ඉන්හේලරය අසාදිතයන් 30 දෙනෙකුට ලබා දී ඇති අතර ඉන් ආසාදිතයින් 29 දෙනෙකු දින 3 – 5 අතර කාලයකදී සම්පූර්ණ සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කොවිඩ් ආසාදිතයෙකු එම ඉන්හේලරයක් සම්පූර්ණයෙන් ආශ්වාස කිරීම ආසාදිතයෙකු සුවය ලැබීමට ප්‍රමාණවත් බවත්, කොරෝනාවට එරෙහි එහි ආරක්ෂාව සියයට 96 ක් වන බවත් විදෙස් වාර්තාවල සදහන්.
මහජන භාවිතය සදහා යොදා ගැනීමට නම් එම ඉන්හේලරයට එරට ජාතික සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය වනවා. (Colombo Times)



Be First to Comment