Press "Enter" to skip to content

කොවිඩ් එන්නත ගත් අය ප්‍රවේසම් විය යුතු ආකාරය 📹

දැනට ලොව පුරා භාවිතා කෙරෙන කොවිඩ් මර්දන එන්නත්වලින් කොවිඩ් වෛරසයට එරෙහිව සම්පූර්ණ ප‍්‍රතිශක්තිය ලැබෙන්නේ එම එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබා ගෙන සති දෙකක කාලයක් ගත වූ පසුව බව ඇමරිකානු රෝග පාලනය හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය පවසනවා.

මෙහිදී මාත‍්‍රා දෙකකින් යුතු වන කොවිඩ් මර්දන එන්නතකින් දෙවැනි මාත‍්‍රාව ලබා ගැනීමෙන් සති දෙකකට පසුවද, තනි මාත‍්‍රාවක් සහිත කොවිඩ් මර්දන එන්නතකින් එම මාත‍්‍රාව ලබා ගෙන සති දෙකකට පසුවද පුද්ගලයකු තුළ කොවිඩ් වෛරසයට එරෙහිව පූර්ණ ප‍්‍රතිශක්තියක් ගොඩනැගෙන බව එම මධ්‍යස්ථානය විසින් ඉකුත් සති අන්තයේ නිවේදනය කර තිබෙනවා.

දැනට ලොව පුරා භාවිත වෙමින් පවතින කොවිඩ් මර්දන එන්නත්වල පළමු හා දෙවැනි මාත‍්‍රා අතර තිබෙන පරතරය එන්නතෙන් එන්නතට වෙනස් වන අතර, එන්නතකින් පළමු මාත‍්‍රාව ලබා ගත් පසුව දෙවැනි මාත‍්‍රාව ලබා ගන්නා තෙක් අතර කාලයේදී එන්නත්ලාභියාට කොවිඩ් වෛරසය ආසාදනය වීමේ හැකියාව තිබෙන බව බටහිර පර්යේෂකයෝ පවසනවා

මේ හේතුවෙන් යමෙකු කොවිඩ් එන්නතකින් පළමු මාත‍්‍රාව ලබා ගත් පසුවද පොදු ස්ථානවල ගැවසීමේදී මුහුණු ආවරණයක් (මාස්ක් පැළඳීම), එකිනෙකා අතර මීටරයකවත් දුරක් පවත්වාගැනීම, දෑත් සබන් හෝ විෂබීජනාශක ද්‍රව්‍යයක් යොදා නිතර පිරිසිදු කරගැනීම යන පියවර අනුගමනය කළ යුතු බවයි පර්යේෂකයන් කියා සිටින්නේ.

දැනට කොවිඩ් වෛරසයට එරෙහිව වැඩි ආරක්ෂාවක් ලබා දෙන බව පිළිගැනෙන ෆයිසර් බයොන්ටෙක් එන්නතේ පළමු මාත‍්‍රාව ලබා ගත් පසු දෙවැනි මාත‍්‍රාව ලබා ගත යුත්තේ දින 21 කාලයකට පසුව වන අතර ‘මොඩර්නා’ එන්නතේ පළමු හා දෙවැනි මාත‍්‍රාවන් අතර පරතරය දින 28ක්.

දැනට තුන්වැනි ලෝකයේ රටවල් වැඩි බලාපොරොත්තු තබා ඇති ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා කොවිෂීල්ඞ් එන්නතේ එන්නත් මාත‍්‍රා දෙක අතර පරතරය දින 21ක් වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇත්තේ එහි පළමු මාත‍්‍රාව එන්නත් කිරීමෙන් සති 8ත් 12ත් අතර කාලයක් ගත වීමෙන් පසු දෙවැනි එන්නත් මාත‍්‍රාව එන්නත් කරන්නේ නම් වඩා ඉහළ ප‍්‍රතිශක්තිකරණයක් ලබා ගත හැකි බවයි. (Colombo Times)

කොවිඩ් එන්නත ලබාගත් ඔබට ඇතිවිය හැකි පොදු අතුරු ආබාධ 𝙁𝙍𝙀𝙀 𝘾𝙊𝙇𝙊𝙈𝘽𝙊 𝙏𝙄𝙈𝙀𝙎 𝙉𝙀𝙒𝙎 𝘼𝙇𝙀𝙍𝙏𝙎 >>> shorturl.at/iFK13

Posted by Colombo Times on Thursday, February 18, 2021

අන්තර්ජාලය ඇසුරිණී

More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *