Press "Enter" to skip to content

මියන්මාරයේ විරෝධතාකරුවන්ට හමුදාවෙන් වෙඩි

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි ජනතා විරෝධතා දරුණු අතට පත්ව තිබෙනවා.

ඒ, විරෝධතාකරුවන්ට එරෙහිව එරට ආරක්ෂක අංශ සජිවි පතුරම් යොදා වෙඩි තැබීමත් සමඟයි.

මෙලෙස වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 20කට ආසන්න බවයි වාර්තා වන්නේ.

හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවල නිරතව සිටියදී හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වුණා.

ඒ සමඟම මියන්මාර් විරෝධතා සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක්වී තිබෙනවා.

පසුගියදා මියන්මාර නායිකා අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනුණු අතර එරට හමුදාව රටේ පාලන බලය අතටගත්තා.

ඊට විරෝධය පළ කරමින් හා යළි ප්‍රජාත්නත්‍රවාදය ස්ථාපනය කරන ලෙස බල කරමින් දහස් ගණන් මියන්මාර වැසියන් මේ වන විට මහ මගට බැස සති දෙකක් තිස්සේ විරෝධතාවල නිරත වෙනවා.(Colombo Times)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *