Press "Enter" to skip to content

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද ඇරඹෙයි

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ස්විට්ස්ර්ලන්තයේ ජිනීවාහිදී අද ආරම්භ වනවා.

මෙම සැසිවාරය මාර්තු 23වනදා දක්වා පැවැත්වෙන අතර ප්‍රධාන සැසිවාරය හෙට සිට ලබන 24වනදා දක්වා පැවැත්වෙනවා.

මෙහිදී රටවල් 130කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන නියෝජිතයින් මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් එක් එක් රටවල් දරණ උත්සාහයන් හා ගෙන ඇති ක්‍රියාමර්ග එහිදී පැහැදිලි කිරීමට නියමිතයි.

මෙවර සැසිවාරය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා.

එය හෙට දිනයේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම සම අනුග්‍රාහකත්වය දැරූ රටවල් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට නව යෝජනාවලියක් ද ගෙනවිත් තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන්.

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *