කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වී ඇති බව අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබෙනවා.
කොවිඩ් වෛරසය පාලනය හා මැඩපැවැත්වීම මූලික කරගනිමින්, පසුගිය කාලය තුල ක්රීයාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙල,PCR පරීක්ෂණ කටයුතුවල වත්මන් තත්ත්වය, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්රිියාත්මක කිරීම, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය පිළිබදව ද මෙහිදී අවධානය යොමු කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
තමන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන කාලය තුල ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබූ බවත්, එලෙස ආශිර්වාද පුද පූජා පවත්වමින් ශක්තිය ලබාදුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුලු සියළු දෙනාට සිය ස්තූතිය පුද කරන බවයි මෙම සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය කියා ඇත්තේ. (Colombo Times)


Be First to Comment