Press "Enter" to skip to content

‘Spotify’ නිල වශයෙන් ලංකාවට නිකුත් කෙරේ

Spotify යනු 2008 ඔක්තෝම්බර් මාසයේදී දියත් කරන ලද ස්වීඩන් ශ්‍රව්‍ය ප්‍රවාහ සහ මාධ්‍ය සේවා සැපයුම්කරුවෙක්. මෙම වේදිකාව හිමිකාරීත්වය දරන්නේ 2018 සිට නිව්යෝක් කොටස් වෙළඳපොලේ ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන සමාගමක් වන Spotify AB සමාගමයි.

මෙම වේදිකාවේ ඇතුළත් ශ්‍රව්‍ය ප්‍රවාහ සහ මාධ්‍ය සේවා ශ්‍රී ලාංකිකයන්ට ලබාගැනීමට අද සිට හැකියාව පවතිනවා. එහිදී ශ්‍රී ලාංකිකයන් වෙනුවන් දැරිය හැකි මිල ගණන් යටතේ පහත පැකේජයන් ඔවුන් විසින් හඳුන්වා දී තිබෙනවා.

Android පරිශීලකයන්ට Playstore හරහාද, ඇපල් පරිශීලකයන්ට Apple Store හරහාද මෙම මෘදුකාංගය බාගත කරගැනීම හැකියි.

💰Individual Plan – රු.529.00
💰Duo Plan – රු.679.00
💰Family Plan – රු.849.00
💰Student Plan – රු..264.00
සැ.යු. –

  1. අලුතින්ම මිලදී ගන්නා Individual, Duo, Family, Student යන Subscription Plan සඳහා පළමු මාසය සඳහා නොමිලේ Subscription එකක් හිමි වේ.
  2. Individual සහ Student යන Subscription Plan සඳහා දිනකට රු.49 බැගින් ගෙවිය හැකි Prepaid Plan එකක්ද ලබා දී ඇත.
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *