Press "Enter" to skip to content

සමාජ මාධ්‍ය වල පළවන කුරුඳු දුම්වැටිය තහනම් වන ලකුනු

ආයුර්වේද දුම්වැටියක් වෙළඳපොලට පැමිණෙන බවට සමාජ මාධ්‍යවල වාර්තා පලවී තිබෙනවා.

එම වලට ප්‍රතිචාර දක්වමින් ජාතික දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ ඩේලි එෆ්ටී පුවත්පත වෙත වෙත පවසා ඇත්තේ තම කාර්යාලය මෙම නිෂ්පාදකයාට ලිපියක් යවා එය නවත්වන ලෙස ඉල්ලා සිටි බවයි.

එම දුම් වැටි වර්ගය නිෂ්පාදනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, ජාතික දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියේ පනත උල්ලංඝණය කිරීමක් බවයි ඔහු පැවසුවේ.

දුම්කොළ නොමැතිව වුවද සිගරැට්ටුවකට සමාන කිසිදු නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට නීතියෙන් ඉඩ නොදෙන බව පැවසූ වෛද්‍ය රාජපක්ෂ මහතා, එවැනි සිගරෙට්ටුවක් නිෂ්පාදනයටද යම් අනුමැතියක් ලබාගත යුතු බවද සඳහන් කළා.

එම කුරුඳු පාදක කරගත් සිගරට් ආයුර්වේද නිෂ්පාදනයක් යැයි කියනු ලබන වෙළඳ නාමකරණය පෙන්වා දෙමින් පලවන වාර්තා නිසා ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවට ලිපියක් ඒ පිළිබඳව විමසීමක් කර ඇති බවද ඔහු පැවසුවා.

මෙම සන්නාමය සහ වෙළඳ නාමය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිගරට් සන්නාමයන් හා සම්බන්ධ වන පරිදි නිර්මාණය කර ඇති බවයි සභාපතිවරයා පැවසුවේ. එවැනි නිෂ්පාදනවල ව්‍යාප්තිය තරුණ තරුණියන්ට දුම්පානය සඳහා උත්ප්‍රේරණය කළ හැකි බවත්, මෙය රට පුරා ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහය හෙළා දකින බවත් ඔහු සඳහන් කළා. (Colombo Times)

More from | LOCALMore posts in | LOCAL »

One Comment

  1. නවින් සේරසිංහ නවින් සේරසිංහ February 25, 2021

    දුම්කොළ සමාගමෙන් ලැබෙන ලාබේ වැඩි ඇති ආණ්ඩුවට ඒකනේ මේවා නවත්තන්න හදන්නේ… මිනිස්සුන්ගේ සෞඛ්‍ය පිරිහෙන්නේ නැති නම් මේක ලංකාවේම කට්ටිය බිව්වත් අවුලක් නෑ කියලයි මම හිතන්නේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *