Press "Enter" to skip to content

Facebook, Google ප්‍රවෘත්තිවලට මුදල් ගෙවිය යුතු නව නීතියක් ඔස්ට්‍රේලියාව සම්මත කරයි

ෆේස්බුක් සහ ගූගල් ආදී අන්තර්ජාල තාක්ෂණික සමාගම්වල ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා ඒවායෙහි ප්‍රකාශකයන්ට මුදල් ගෙවීමට බල කෙරෙන නව නීතියක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව විසින් අද (25දා) අනුමැතිය ලබාදුන් මෙම නීතිය ප්‍රකාරව, එරට ප්‍රවෘත්ති මාධ්‍ය ව්‍යාපාර විසින් ජනනය කරන අන්තර්ගතයන් සඳහා සෑහෙන ආදායමක් ඔවුන් වෙත ලබාදෙන බවට සහතික වනු ඇතැයි ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඔස්ට්‍රේලියානු රජය කියා සිටියේ මෙම නව නීතිය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් වසරකට පසු සමාලෝචනය කරන බවත්, එය රජයේ ප්‍රතිපත්තිමය අභිප්‍රායයන්ට අනුකූල වන ප්‍රතිඵල ලබාදෙන බවට සහතික වන්නේද යන්න සලකා බලන බවයි. (Colombo Times)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *