ශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් අද කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබෙනවා.
මෙම එන්නත් තොගය ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් 02/25 දින දහවල් 1.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණා.
මෙම එන්නත් තොගය සමග ගුවන් මගීන් 14 දෙනෙකු සහ තවත් ගුවන් භාණ්ඩ තොගයක් ද මෙම ගුවන් යානය තුළ තිබුණා.
මෙම එන්නත් තොගය ගුවන් යානය තුළ ද ශීතකරණ පහසුකම් යටතේ ගබඩා කරගෙන පැමිණ තිබූ අතර, කටුනායක ගුවන් තොටුපළේ දී මෙම එන්නත් තොගය ගොඩ බෑ සැනින්, ආනයන ගුවන් භාණ්ඩ ගබඩා සංකීර්ණයේ ශීතකරණ තුළ තැන්පත් කිරීම සිදු චුණා.
ඉන්පසුව මෙම එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ මධ්‍යම ගබඩාව වෙත ප්‍රවාහනය කිරීම සිදු වුණා. (Colombo Times)


Be First to Comment