Facebook ආයතනය විසින් මියන්මාරයේ මිලිටරිය සහ එහි අනුබද්ධ සමාගම්වලට Facebook සහ Instagram භාවිතා කිරීම තහනම් කර තිබෙනවා.
2020 මැතිවරණයේදී ඡන්ද දායකයින්ගේ වංචා පිළිබඳ ප්‍රකාශයන් ප්‍රචාරය කිරීම සඳහා හමුදාව Facebook භාවිතා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පෙබරවාරි 1 එරට සිදු වූ කුමන්ත්රණයෙන් පසුව Facebook සිය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර හමුදාවේ ප්‍රධාන පිටුව තහනම් කර තිබුණා.
හමුදාව බලය අල්ලා ගත් දා සිට, එය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන, අන්තර්ජාලය අවහිර කිරීමට නියෝග කර ඇති අතර Facebook ඇතුළු සමාජ මාධ්‍ය ද තහනම් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම තහනම සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශය වැනි රජයේ අමාත්‍යාංශ සහ රාජ්‍ය සේවයේ නියුතු ආයතන ආවරණය නොකරන බව ද සඳහන් වනවා.
මියන්මාරයේ ජනගහනයෙන් අඩක් Facebook භාවිතා කරනු ලබනවා. (Colombo Times)


Be First to Comment