මුලික පර්යේෂණ අනුව තම රටේ විද්‍යාඥයින් නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන එන්නත 90%ක් සාර්ථක බව ඉරානය පවසයි.
එම එන්නත “කෝවිඉරාන් බැරකට්” නමින් හඳුන්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පුද්ගලයින් 35 දෙනෙක් යොදාගෙන කළ මූලික අත්හදාබැලීම් හිතුවාටත් වඩා සාර්ථක වන අතර මෙම එන්නත එංගලන්තයේ හමුවූ “නව කොවිඩ් ප්‍රභේදයට” ද ඉහළ ප්‍රතිචාර දක්වා තිබෙන බවයි පර්යේෂණ ප්‍රධානී මොහොමඩ් රේසා සලෙහි විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ. (Colombo Times)


Be First to Comment