Press "Enter" to skip to content

ඊශ්‍රායල තාක්ෂණික කණ්ඩායමක් ඔබේ ජංගම දුරකථනය විනාශ කිරීමට මාන බලයි

දවසින් දවස, තත්පරෙන්, තත්පරේ නව්‍යකරණය වන තාක්ෂණය අපේ ජීවිත වලට ලොකු පහසුවක් වුණත් සමහරවෙලාවට ඒ දේවල් අපේ ජීවිත වලට හානිදායක වෙන අවස්ථා ද නැතුවාම නෙවෙයි. ඉතින් මේ කියන්න යන්නෙත් ඒ වගේම ඔබේ පෞද්ගලිකත්වයට ගැටළුව ඇති කළ හැකි Mobile App එකක් ගැනයි.

ඒ, තමයි මේ වන විට සමාජයේ ලොකු කතාබහට ලක්ව තිබෙන Pegasus App එක. මෙය නිර්මාණය කරලා තියෙන්නේ, ඊශ්‍රායලයේ NSO තාක්ෂණික කණ්ඩායම විසින්. මෙම App එක මඟින් වැඩි බලපෑමක් එල්ල වෙන්නේ Android හා IOS දුරකථනවලට.

විශේෂයෙන්ම එමඟින් Hakersලා විසින් ඔබේ ජංගම දුරකථනයේ Camera, Microphone, Files, Photos සහ E-mails තුළට ඇතුල් වී දත්ත සොරාගනු ලබනවා. ඒ වගේම එම App එකෙන් තවත් කෙනෙකුට WhatsApp දුරකථන ඇමතුමකින් හෝ SMS එකක් යැවීමෙන් අදාළ දුරකථනයේ දත්ත අනාරක්ෂිත තත්වයට පත්කළ හැකියි.

මින් ඔබට ආරක්ෂා වීමට නම් ගත හැකි එකම ක්‍රියාමාර්ගය තමයි එම දුරකථනය භාවිතයෙන් ඉවත් කිරීම. නමුත් අලුතින් ගන්න දුරකථනය හරහා ඔබ කලින් භාවිතා කළ Facebook, WhatsApp, E – mails වලට Log වුණොත් එම දුරකථනයද Hack විය හැකියි.

මේ වන විට මෙම Pegasus App එක ඉන්දියාව, සෞදි අරාබිය, මෙක්සිකෝව වැනි රටවල භාවිතා වන අතර එම රටවල් වල ආණ්ඩුවේ ආරක්ෂාවට එල්ලවන තර්ජන නැවැත්වීම සඳහා මෙය යොදා ගැනෙනවා. විශේෂයෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ අයිතිවාසිකම් වෙනුවෙන් මෙය භාවිතයට ගැනෙනවා.

ශ්‍රී ලංකවේ නම් මෙවැනි තත්වයකදී ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම පවතින්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට සහ ජංගම දුරකතන සේවා සපයන ආයතනවලට බව ඔබ දැනගෙන සිටිය යුතුමයි. (Colombo Times)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *