Press "Enter" to skip to content

තහනම් හෙරොයින් වල ඇත්ත කතාව 📷

හෙරොයින් කියන්නේ කනට නුහුරු වචනයක් නම් නෙවෙයි. මේ දවස්වල අහන්න දකින්න ලැබෙන හෙරොයින් කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කෙරෙන මත්ද්‍රව්‍යක් නොවන අතර මෙහි විද්‍යාත්මක නාමය ඩයිඇසිටයිල් මෝෆීන්.

මෙම මෝෆීන් නිෂ්පාදනය කරන්නේ, පොපි ශාකයෙන් ගන්නා අබිං වලින්. ඒ, කියන්නේ පොපි මල වියළී යාමෙන් පසු ඉතිරිවන ගෙඩිය. එම ගෙඩියේ හරස් අතට කැපුමක් දැමූ විට ඉන් කිරි වැනි ශ‍්‍රාවයක් නිපදවනවා. එම කිරි වැනි ද්‍රාවයෙන් තමයි අබිං නිෂ්පාදනය කරනු ලබන්නේ.

ලංකාවේ වගේම ලෝකයේ ඕනෑම රටක නීත්‍යනුකූල සහ නීත්‍යනුකූල නොවන මත්ද්‍රව්‍ය වර්ග තියෙනවා. ඒ අතර මත්පැන් සහ දුම්වැටි කියන්නේ නීත්‍යනුකූල මත්ද්‍රව්‍ය වන අතර ගංජා සහ හෙරොයින් කියන්නේ නීත්‍යනුකූල නොවන මත්ද්‍රව්‍යයි.

මේ අතරින් ගංජා සිංහල ආයුර්වේදයේ ඖෂධයක් ලෙසද සුළු වශයෙන් භාවිතයට ගැනෙනවා. ඒ වගේම ඔබ නොදන්නවා වුණාට හෙරොයින් කියන්නෙත් අතීතයේ ඇතැම් අවස්ථා වලදී භාවිතා කළ ඖෂධයක්.

1800 ගණන්වල ජර්මනියේ බෙහෙත් ව්‍යාපාරිකයක් විසින් මෝෆීන් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ, කාසය සඳහා ප‍්‍රතිකාරකයක් ලෙසයි. ඒ කාලයේ සමහර රටවල් අබිං සඳහා ඇබ්බැහිවී සිටියා. නමුත් ඔවුන් පසු කලෙක අබිංවලට වඩා මෝෆීන් වලට වැඩි ඇබ්බැහිවීමක්සිදුවුණා.

මෙම මෝෆීන් 1950 පමණ වන විට ශල්‍යකර්මවලදී වේදනා නාශකයක් ලෙස ද භාවිතයට ගෙන තිබෙනවා. ඒ අනුව 1937 දී පමණ ශල්‍යකර්ම සඳහා මෙය මුලින්ම භාවිතයට ගත්තේ ජර්මන් විද්‍යාඥයෙක් විසින්. ඉන් පසු මේවා Dolophine නමින් ඇමෙරිකාවට යවා ඇති යවා තිබෙනවා. ඒ වගේම යුද්ධයේදී තුවාල ලබන සොල්දාදුවන්ට ඒ කාලේ ශල්‍යකර්ම කරන්න වේදනා නාෂකයක් ලෙස මෙය ලබාදී ඇති අතර එය බහුලව සිදුවූ නිසා ‘හීරෝ ඉන්’ කියන නමින් හඳුන්වන්න පටන් අරන් තියෙනවා. ඊට පස්සේ මෙය හෙරොයින් ලෙස පරිවර්තනය වූ බව කියැවෙනවා.

හෙරොයින් කියන්නේ පරීක්‍ෂණ සිය දහස්‌ ගණනක ප්‍රථිපලයක්. අබිං, බොහෝ සැරයක් පිරිපහදු කළ පසු හෙරොයින් නමැති සුදු පැහැති කුඩු වර්ගය නිපදවෙනවා. එතකොට අබිං කියන්නේ, පොපි මලේ පහල ගැටය සීරුවාම රෝස පාට මැලියම් වර්ගයක්. එම මැලියම් සූරලා ගත්තම ඒවා කළුපාටයි. ඒවා තමයි අබිං ලෙස හඳුන්වනවා.

ෆාමසි වලින් ලබාගන්න සමහර, සාමාන්‍ය වේදනා නාශක වල මෙතිල් මෝෆීන් අඩංගු වෙනවා. මෝෆීන් කෙලින්ම රුධිරයට එන්නත් කළ යුතු නමුත් මෙතිල් මෝෆීන් මුඛ මාර්ගයෙන් ගැනීමේ හැකියාව තියෙනවා. මෙහිදී මෙතිල් මෝෆීන් වලින් 60%ක් පමණ අක්මාවෙන් මෝෆීන් ලෙස ලේ වලට එකතු කරනවා. ඉතිරි 40% අක්මාවේ ඉතිරි වෙනවා. ඉතින් මෙමඟින් පසුව විවිධ රෝගාබාධ ඇති කරනවා. විශේෂයෙන්ම එම පෙති වර්ග දත් කැක්කුම් වලට වරකට දෙක බැගින් දෙන පෙත්තක්. මෝෆීන් බොහෝ දුරට කෘතීමව නිෂ්පාදනය කරනවා. මේ පෙති වල තියෙන්නේ කෘතීමව නිපදවූ මෙතිල් මෝෆීල් අයිසොමර් එකක්. ඒ නිසයි එය අක්මාවට අහිතකර ලෙස බලපානු ලබන්නේ.

නමුත් හෙරොයින් අතිශයින් ඇබ්බැහිවන සුළු සහ ශරීරයට අහිතකර වූ සංයෝගයක්. ඒ වගේම තමයි හෙරොයින් තවදුරටත් ඖෂධයක් ලෙස සලකන්නේ නැහැ. ඒ වෙනුවට වෛද්‍ය විද්‍යාවේ දැනට පාවිච්චි කරන්නේ මෝෆීන්. හැබැයි කැස්ස වගේ පොඩි ලෙඩ වලට දෙන්නෙත් නැහැ. ඒවා ලබාදෙන්නේ අධික වේදනාවෙන් හෝ දත් කැක්කුම්, අස්ථි බිඳීම්, පිළිකා සඳහා ප්‍රතිකාර ගන්නා අයට විතරයි.(Colombo Times)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *