බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම පැවති දෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා වුණා.
දෙවන තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායට ආරාධනා කළා.
එහිදී කොදෙව්වන් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 354ක් රැස්කළා.
ඊට පිළිතුරු වශයෙන් ශ්රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකි වූයේ ලකුණු 258ක් පමණයි.
ලකුණු 97ක වාසියක් ද සමඟ දෙවන ඉනිම ආරම්භ කළ කොදෙව් පිල කඩුලු 04ක් දැවී ලකුණු 280ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
අනතුරුව ලකුණු 377ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට තරගයේ අවසන් දිනය වනවිට රැස්කරගත හැකිවුයේ කඩුලු 02ක් දැවී ලකුණු 193ක් පමණයි.
ඒ අනුව දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.
මෙම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 126ක් රැස්කළ කොදෙව් නායක ක්රේග් බ්රැත්වෙයිට් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.
තරගාවලිය තුල කඩුලු 11ක් බිඳ දැමූ සුරංග ලක්මාල් තරගාවලියේ වීරයා බවට පත් වුණා.


Be First to Comment