Press "Enter" to skip to content

විකිරණශීලී අපද්‍රව්‍ය අවදානමක් හේතුවෙන් ෆ්ලොරිඩාවේ හදිසි තත්වයක් 📹

අමෙරිකාවේ පිහිටි තම්පාබේහි විශාල පොකුණකට විෂ සහිත අපද්‍රව්‍ය තොගයක් කාන්දු වීමෙන් පසු ෆ්ලොරිඩාවේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම ප්‍රදේශයේ නිවාස 300කට වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට නියෝග කර ඇති අතර පයිනි පොයින්ට් ජලාශය අසල මාර්ගයක් වසා දමා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහි වෙසෙන නිවැසියන්ට වහාම නිවාසවලින් පිටවන ලෙස පවසමින් කෙටි පණිවිඩ යවා තිබෙනවා.

ජලාශයේ ධාරිතාව අක්කර 77 ක (හෙක්ටයාර 31) යුක්ත වන අතර පැරණි පොස්පේට් කම්හලකින් ගලාගෙන ආ පොස්පරස් සහ නයිට්‍රජන් අඩංගු ජලය ගැලුම් මිලියන ගණනක් ඇති බව එම නිළධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පොකුණේ කාන්දුව හමු වූ අතර පොහොර නිෂ්පාදනයේ විකිරණශීලී අපද්‍රව්‍ය නිෂ්පාදනයක් වූ ෆොස්ෆොගිප්සම් තොගයක් හමු වී තිබෙනවා.

ජලයෙහි ස්වාභාවිකව ඇති වන රේඩියම් සහ යුරේනියම් කුඩා ප්‍රමාණයක් අඩංගු වන අතර, එම කොටස්වලට රේඩෝන් වායුව මුදාහැරීමට හැකියාව පවතින බවයි වාර්තා

බොහෝ දුරට කෘෂිකාර්මික වශයෙන් පවතින එම ප්‍රදේශය ජලයෙන් යට විය හැකි දැයි අවධානයෙන් සිටින බවයි මැනේටි ප්‍රාන්තයේ පරිපාලක වන ස්කොට් හෝප්ස් මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ. (Colombo Times)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *