යළි විවාහක රූ රැජිණ කිරුළ හිමිවූ පුෂ්පිකාද සිල්වා මහත්මියගෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා.
ඒ, ඇය විසින් පොලීසිය වෙත කළ පැමිණිල්ලේ විමර්ශනවලට අදාළවයි.
කිරුළ බලහත්කාරයෙන් ඇයගේ හිසෙන් ඉවත් කිරීමේදී තුවාල සිදු වූවා යැයි කියන සිද්ධිය තහවුරු කර ගැනීම සඳහා එම වෛද්‍ය වාර්තා ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ හිමි කර ගත් කැරොලයින් ජූරි ඇතුළු 08 දෙනෙකුගෙන් පමණ ඇයගේ පැමිණිල්ලට අදාලව ප්‍රකාශ ලබා ගෙන ඇති බවද ඔහු සඳහන් කළා. (Colombo Times)


Be First to Comment