Press "Enter" to skip to content

පුරප්පාඩු වුණ රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුනට එන අලුත් අමාත්‍යවරයා මෙන්න

අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී තිබෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දන්වා තිබෙන සභාවට දැනුම් දුන්නා.

නීති උපදෙස් ලබා ගැනීමෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මේ බව දැනුම් දුන් බවයි කථානායකවරයා පැවසුවේ.

පසුගිය වසරේ අගෝස්තු 05 වනදා පැවති මහ මැතිවරණ ප්‍රථිඵලයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 04 ක්.

රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන පුරප්පාඩු වීමත් සමග එම අසුන සඳහා මීලගට සුදුසුකම් ලබන්නේ මනාප ලැයිස්තුවේ 05 වන ස්ථානය දිනාගත් හිටපු පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතායි.

ඔහු ලබාගෙන තිබූ මනාප ඡන්ද සංඛ්‍යාව 47,212 ක්.

අජිත් මාන්නප්පෙරුම මහතා කියාසිටියේ සිය නම මැතිවරණ කොමිසම විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම්දීමට සූදානම් බව සඳහන් කළා. (Colombo Times)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *