Press "Enter" to skip to content

✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞𝗘𝗗: සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ලෝක විවාහක රූ රැජින තරගාවලි සංවිධායකයන්ගේ ලිපියේ ඇත්ත නැත්ත

පසුගියදා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත් වූ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේ අවසන් අවස්ථාවේදී සිදුවූ සිදුවීම පිළිබඳව ලෝක විවාහක රූ රැජින තරගාවලි සංවිධායකයන්ගේ දැඩි අවධානය යොමුව තිබෙන බවට සමාජ මාධ්‍ය හරහා ලිපියක් හුවමාරු වුණා.

මේ පිළිබඳව ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන කිහිපයක ප්‍රවෘත්ති වාර්තාවක් ලෙසද එය ඉදිරිපත් කෙරුණා.

නමුත් එම ලිපිය ව්‍යාජ එකක් බව Fact Check ආයතන කිහිපයක් විසින් ලෝක විවාහක රූ රැජින තරගාවලි සංවිධායකයන්ගේ නිළ Facebook පිටුව හරහා මෙය තහවුරු කරගෙන තිබෙනවා.

ලෝක විවාහක රූ රැජින තරගාවලි සංවිධායකයන්ගේ එක්සත් ජනපද කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ ශ්‍රී ලංකාවේ සිදුවූ සිද්ධියට ඔවුන් මැදිහත් නොවන බවයි.

එමෙන්ම සමාජ ජාල හරහා හුවමාරු වන අදාළ ලිපිය ඔවුන්ගේ නිල Facebook පිටුව වෙත Upload කර නොමැති බවත් එම කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවා.

මෙවැනි නිවේදනයක් ඔවුන්ගේ නිල Facebook පිටුවට අනිවාර්යෙන්ම Upload කරන බවයි ලෝක විවාහක රූ රැජින තරගාවලි සංවිධායකයන්ගේ එක්සත් ජනපද කාර්යාලය පවසන්නේ. (Colombo Times)

සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ව්‍යාජ ලිපිය පහතින්.

විශ්වසනීය, නිවැරදි පුවත් වාර්තාකිරීමට සූදානමින් සිටින Colombo Times අප වෙබ් අඩවිය මෙම පුවතේ නිවැරදිතාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව එම ලිපිය පාදක කර ගනිමින් මේ සම්බධව අප විසින් වාර්තා කළ පුවතද, ඉවත් කරගන්නා බව මෙයින් දැනුම්දෙමු. තවදුරටත් ඔබ වෙත විශ්වසනීය, නිවැරදි පුවත් සමීපකරවීම වෙනුවෙන් අප බැඳී සිටින බවත්, අප කෙරෙහි තබන විශ්වාසය වෙනුවෙන් අපගේ ගෞරවනීය ප්‍රණාමය ඔබ වෙත පුද කරමු. (සංස්කාරක මණ්ඩලය)

More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »
More from | LOCALMore posts in | LOCAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *