Press "Enter" to skip to content

ඉදිරි දින කිහිපයේ දී ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව,වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතිනවා.

අද(08) දහවල් 12:12 ට බෝලවත්ත, වෑදෙනිය, වට්ටාරම, අඹගමුව, දිගන, මහවල, ගල්ගමුව, අම්පාර සහ ඔලුවිල් යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *