පිළිකා කාරක අඩංගු පොල් තෙල් බහාලුම් 13න් 06ක් ලබන 13 වනදා මැලේසියාවට ප්‍රතිඅපනයනය කිරීමට නියමිතයි.
මේ වනවිට ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අන්තර්ගත බවට තහවුරු වූ පොල්තෙල් මෙට්‍රික්ටොන් 105ක තොගයක් ප්‍රතිඅපනයනය සඳහා රේගුව, කොළඹ වරායේ SAGT පර්යන්තය වෙත යොමු කර තිබෙනවා.
එම බහාලුම් 6 කටාන රිෆයිනරීස් සමාගමට අයත් වෙනවා.
එමෙන්ම අලි බ්‍රදර්ස් පෞද්ගලික සමාගම බහාලුම් 04ක් ගෙන්වා තිබූ අතර ඒවායේ අන්තර්ගත පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 1513.7ක් වන අතර එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම තවත් බහාලුම් 03ක ගෙන්වා තිබූ පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 230ක්.
ඒ අනුව සමස්ත බහාලුම් 13න් තවත් බහාලුම් 07ක් ප්‍රතිඅපනයනයට යොමු කළ යුතුව පවතිනවා.


Be First to Comment