රුසියානු කොවිඩ්-19 එන්නත වන ස්පුට්නික් වී (Sputnik v) ඉන්දියාවේ පැනසියා බයෝටෙක් (Panacea Biotech) නිෂ්පාදන සමාගම හරහා නිපදවීම ආරම්භ කර තිබෙනවා.
මෙලෙස ඉන්දියානු නිෂ්පාදකයා හරහා නිපදවීමට අපේක්ෂා කරන රුසියානු එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 100ක්.
දැනට ස්පුට්නික් -වී එන්නත 91.6%ක කාර්යක්ෂමතාවක් ප්‍රදර්ශනය කරන බව රුසියානු ඖෂධ අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.
මේ පිළිබඳව රුසියානු සංවර්ධන ආයෝජන අරමුදල් (RDIF) ප්‍රධාන විධායක නිලධාරී කිරිල් දිමිත්‍රිව් පැවසූ දේ පහතින්..
‘‘වසංගතය මගහරවාගත හැකි එකම ක්‍රමය එන්නත් හවුල්කාරිත්වයයි. ලෝකය කොරෝනා වයිරසයට එරෙහිව සටන දිගටම කරගෙන යන අතර ස්පුට්නික්-වී එන්නත කෙරෙහි දැන් වැඩි අවධානයක් යොමුව ඇත්තේ එය ලබාගත හැකි හොඳම එන්නත වන බැවිනි. පැන සියා බයෝටෙක් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ඉන්දියාවේ එන්නත නිපදවීමට සහ ලොව පුරා සිටින අපගේ අන්තර්ජාතික හවුල්කරුවන්ට එය සැපයීමට වැදගත් පියවරකි.’’


Be First to Comment