Press "Enter" to skip to content

ලොව වැඩිම “බිලියනපතියන්” සිටින නවතම නගරය ගැන “ෆොර්බ්ස්” සඟරාවෙන් හෙළිකරයි

නවතම “ෆොර්බ්ස් වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව” අනුව ලොව වැඩිම “බිලියනපතියන්” සිටින නගරය ලෙස බීජිං නගරය නම් කර තිබෙනවා.

එම සඟරාවට අනුව පසුගිය වසරේදී බීජිං නගරයේ නව බිලියනපතියන් 33 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එම නගරයේ මේ වනවිට බිලියනපතියන් 100ක් සිටිනවා.

ඒ අනුව එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය අභිබවා යෑමට බීජිං නගරය සමත් වී තිබෙනවා. එහි සිටින බිලියනපතියන් ගණන 99ක්.

කොවිඩ් වසංගතය පාලනයට සමත්වීමත් විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික් තාක්ෂණික සමාගම සහ කොටස් වෙළෙඳපොළේ වර්ධනය ඊට හේතුවූ බවයි ෆොර්බ්ස් සඟරාවේ දැක්වෙන්නේ.

More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *