යාපනය නගරය තුළ රථ වාහන හැසිරවීම ඇතුලු රාජකාරි සඳහා වෙනමම කණ්ඩායමක් යොදවා ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකළා.
“යාල් මානගර කාවල් පඩෙයි” (යාපනය මහ නගර ආරක්ෂක බලකාය) නමින් යාපනය මහනගර සභාවේ නගරාධිපති විසින් මෙය ආරම්භ කරඇතැයි වාර්තා වනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජකාරිය, රථ වාහන හැසිරවීම, නගර පිරිසිදු කිරීම, මහමග කුණු දැමීම, කෙල ගැසීම ආදී වැරදි සදහා දඩ අය කිරීම වැනි කටයුතු මෙම බලකායේ රාජකාරිය බව නගරාධිපති පවසා තිබෙනවා.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊට ප්‍රතිචාර දැක්වූ අතර ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතාද එහිදී අදහස් පළකළා. (Colombo Times)


Be First to Comment