ගෝලීය වසංගතයක් වූ කොවිඩ් – 19 රෝගය වැළඳුණු තුන්දෙනෙක්ගෙන් එක් අයෙකුට දිගු කාලීනව විවිධ මානසික රෝග තත්වයන් ඇතිවීමට ඉඩකඩ ඇති බව පරීක්ෂණ වලින් සොයා ගෙන තිබෙනවා.
මෙය අනාවරණය කළේ “ද ලැන්සෙට්” නම් මනෝ විද්‍යාත්මක සඟරාව මඟින්.
කොවිඩ් – 19 වෛරසයට ගොදුරු වී සුවය ලැබූ පුද්ගලයින් 236,379 දෙනෙකුගෙන් මාස 06 ක කාලයකදී සිදු කළ ස්නායු හා මනෝ චිකිත්සක පරික්ෂාවන්ගෙන් මෙය අනාවරණය කරගෙන තිබෙනවා.
මේ අතර ඩිමෙන්ෂියාව, මානසික අවපීඩනය වැනි රෝගී තත්ත්වයන් ප්‍රධාන තැනක් ගන්නවා.
මෙම වෛරසය වැළඳී සුව වූ අයගෙන් 34% ක පිරිසක් මාස 06 ක කාලයකදී මෙම රෝග තත්ත්වයන්ට භාජනය වීමේ අවදානමක් පවතින බවයි පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත්තේ.(Colombo Times)


Be First to Comment