හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයා වූ දිලිප් වෙදාරච්චි මහතා අමු මාළු කමින් ජනතාවගෙන් මාළු කන ලෙස ඉල්ලා සිටියා.
ඒ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වූ හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා ධීවරයන් වෙනුවෙන් කළ හැකි උපරිම දේ නම් ජනතාව මාළු මිලදී ගැනීම බවයි පෙන්වා දුන්නේ.
මාළු කූරි දෙදෙනෙක් බෑගයක දමා පැමිණි අමාත්‍යවරයා මාළු කූරියා ඉවතට ගෙන අමුවෙන්ම අනුභව කර පෙන් වූ අතර ඒවා ඒවා අලුත් මාළු බවයි පැවසුවේ.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුව සජීවීව
Posted by Dilip Wedaarachchi on Monday, November 16, 2020


Be First to Comment