Press "Enter" to skip to content

බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් ස්වයං නිරෝධායනයට

බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මෙන්ම ඔහුගේ පවුලේ අයද මේ ආකාරයෙන් ඔවුන්ගේ නිවස තුළ ස්වයං හුදෙකලාවට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙවැනි පියවරක් ගැනීමට සිදු වී ඇත්තේ සල්මාන්ගේ පෞද්ගලික රියදුරාට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම නිසායි.

ඔවුන් මේ වනවිට රෝහල්ගත කර ඇති බව සඳහන් වන අතර සල්මාන් සහ පවුලේ අය දින 14ක කාලයක් හුදෙකලාව ගත කරනු ඇති බවයි එරට මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේ.

More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *