Press "Enter" to skip to content

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට සමාන්තරව ඊට දකුණු පසින් වරකාපොළ නගරයේ අතුරු මාර්ගයක් ඉදිකෙරේ 📷

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි වාහන තදබදය අවම කර ජනතාවට අපහසුතාවයකින් තොරව ගමනාගමනය පහසු කිරීම සඳහා පවතින කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට සමාන්තරව ඊට දකුණු පසින් වරකාපොළ නගරයේ අතුරු මාර්ගයක් ඉදිකිරීම සඳහා වැඩ ආරම්භ කිරීම මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුරතින් 20-11-2020 වන අද දින වරකාපොල ධර්මසිරි සේනානායක මාවතේ දී සිදුකෙරුණා.

වරකාපොල නගරය මගහැර යාමට වෙනත් විකල්ප මාර්ග කිසිවක් නොමැති බැවින් වරකාපොල සහ අඹේපුස්ස නගර අතර කොළඹ මහනුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතිනවා.

කොළඹ සිට වරකාපොලට පැමිණීමට ගත වන්නේ පැයක පමණ කාලයක් බවත් වරකාපොල සිට අඹේපුස්සට ඇත්තේ කිලෝමීටර 2ක පමණ දුරක් වුවත් එම සුලු දුර ගමන් කිරීමට පැයක් පමණ ගතවන බවත් එක තමාම පෞද්ගලිකවම මුහුණ දුන් අත්දැකීමක්බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩ්දුරටත් පැවසුවා.

ඉදිකිරීමට යෝජිත වරකාපල අතුරු මාර්ගයේ දිග මීටර් 2,350කි. මීටර් 22.80 ක පළලින් යුතුව මෙම මාර්ගය ඉදි කරනු ලබන අතර මෙම මාර්ගයේ ඇති විශේෂත්වය නම් මීටර් 550ක දිගින් යුතු ගුවන් පාලමත් මෙම මාර්ගය හරහා ඉදි කිරීමයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 4,111.16 ක්.

උතුර , උතුරු මැද ,නැගෙනහිර ,වයඹ , මධ්‍යම ,ඌව සහ සබරගමුව පළාත් රටේ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාත සමඟ යා කරමින් දිවෙන කොළඹ මහනුවර ( A 001 ) මාර්ගය වරකපොල නගරය හරහා ඉදි වී තිබෙනවා. වරකපොල – රුවන්වැල්ල ( B 47 ) මාර්ගයේ හමුවන ධර්මසිරි සේනානායක මාව තින් ආරම්භ වන මෙම වරකාපල අතුරු මාර්ගය , අඹේපුස්ස -කුරුණෑගල- ත්‍රිකුණාමලය මාර්ගය ආරම්භ වන අඹේපුස්ස මංසන්ධියෙන් අවසන් වනවා.

කොළඹ මහනුවර මාර්ගයේ වරකාපොළ හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි වාහන තදබදය අවම කර රටේ අනෙකුත් පළාත්වලට ගමනාගමනය පහසු කිරීමත් වරකාපොළ නගරයේ සංවර්ධනයට අතහිත දීමත් මෙම අතුරු මාර්ග ව්‍යාපෘතියේ අරමුණයි.

කොළඹ -මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි වාහන තදබදය අවම කර ජනතාවට අපහසුතාවයකින් තොරව…

Posted by Johnston Fernando on Thursday, November 19, 2020
More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *