Press "Enter" to skip to content

ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු සභා ගර්භයේ සිදුවුණ දේ

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් 03 දෙනෙකු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම ඊයේ පැවති පාර්ලිමේන්තු සභාවාරයේ විශේෂත්වය වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 අය වැය දෙවන වර කියවීමේ විවාදය සඳහා සභභාගීවීමට ඊයේ (19) පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් අතර, එතුමා සමඟ හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද වුණා.

ඔවුන් දෙදෙනා සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද තම ආසනයේ සිටිමින් විවාදයට සහභාගී වුණා.

මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ සිට 2015 දක්වා අවස්ථා දෙකක දී ජනාධිපතිධූරය හෙබ වූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ සිට 2019 වසර දක්වා ජනාධිපතිධූරය හෙබවුවා.

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *