Press "Enter" to skip to content

අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුවට රිෂාඩ් බෑ කියයි

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුවට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරන බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂි ලබාදෙමින්.

විල්පත්තු නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ද නියෝජනය කරන අතර, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඔවුන් ඉදිරියේ මේ බව ප්‍රකාශ කිරීම සිදුවුණා.

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *